Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ගයත්‍රි බලාපොරොත්තු වෙන ආදරේ මගෙන් ලැබෙන්නැතුව ඇති, අපි දෙන්නම තේරෙන්නැති කාලෙනෙ විවාහ වුණේ

රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් විදියට කවුරුත් හදුනන කාගේත් ආදරය ලබන ඔහු චන්න පෙරේරා. එදා අංජලිකා චිත්‍රපටය නිසා බොහෝ රසික පිරිසකගේ ආදරය ලබපු චන්න ටෙලිනාට්‍යය, සිනමාව තුළ කැපී පෙනෙන චරිතයක්. පොඩි කාලේ ඉදලා චිත්‍රපට පිස්සෙක් වුණු චන්න පෙරේරාගේ කලා ජීවිතය තුළ ඔහු මේ වන විට විශාල සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන කෙනෙක් බවට පත් වුණා.

ඒ වගේම ජනප්‍රිය සුරූපි නිළි ගයත්‍රි ඩයස් සමගින් විවාහ වුණු චන්න පෙරේරා මේ වන විට ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ පියෙක්. ඉතින් පවුල් ජීවිතය තුළ අසාර්ථක කෙනෙක් වන චන්න ඔහු මේ ගත කරන ජීවිතය ගැන ඉතාම තෘප්තිමත් කියලයි ඔහු කියන්නේ. ඉතින් ගයත්‍රි චන්න වෙන් වීම ගැන මේ විදියටයි චන්න පෙරේරා සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මමයි ගයත්‍රි දුක් විද විද එකට ඉන්නැතුව වෙන් වුනා. ඒක ගැන අපි දෙන්නා වගේම අපේ දරුවොත් ගොඩක් සතුටින් ඉන්නේ. ප්‍රශ්න තියාගෙන හැල හැප්පීම් එක්ක ඉන්නැතුව වෙන් වෙන එක තමයි හොදම දේ. අපි දෙන්නටම තේරෙන්නැති කාලේ තමයි අපි විවාහ වුණේ. ඉතින් දැන් අපි දෙන්නගෙ සතුට හොයාගෙන තනි තනිවම ජීවත් වෙනවා. ගයත්‍රි බලාපොරොත්තු වෙන ආදරේ මගේ ළග නැතුව ඇති. මම බලාපොරොත්තු වෙන ආදරේ එයා ළග නැතුව ඇති. ”

මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පී චන්න පෙරේරා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *