මම මේ ක්ශේෂ්ත්‍රයට එනකොට මාෂි, අසංකි ඉපදිලත් නැතුව ඇති, ප්‍රේක්ෂක ආදරය අඩු නොවෙන්න මම පිනක් කරලා ඇති
තවමත් අපේ හදවතේ ඉන්න සිහින කුමාරයා තමයි චන්න පෙරේරා කියන්නේ. එන්න එන්නම කඩවසම් වෙන චන්න පෙරේරා අධ්‍යක්ෂකවරයෙක් වගේම රංගන ශිල්පියෙක් ද වනවා. ඉතින් ටෙලිනාට්‍යය තුළ වැඩිපුර දැක ගන්නට නොහැකි වුණත් චන්නව අපිට සිනමාව තුලින් කාලෙන් කාලෙට දැක ගන්න පුලුවන්.
ඉතින් චන්න පෙරේරා මේ වන විට චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කරලා හමාරයි. ඒ අතරින් ඇයගේ වඩාත් ජනතා ආකර්ෂණය ලබා ගත්ත චිත්‍රපටය තමයි අංජලිකා කියන්නේ. ඒ වගේම මෑත කාලීනව ප්‍රේක්ෂකයාට ඉදිරියේදී නරඹන්න පුලුවන් සිනමා නිර්මාණයක් තමයි ‘යුගාත්‍රා’ කියන්නේ. මේ චිත්‍රපටය හරහාත් චන්න පෙරේරා අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක විදියට ඇය සහභාගි කරගෙන තියෙන්නේ මාෂි සිරිවර්ධන සහ අසංකි ද සිල්වා. ඉතින් ඒ ගැන චන්න පෙරේරා එක්තරා පුවත්පතකට දැක්වූයේ මේ වගේ අදහසක්.
” මාෂි චිත්‍රපටයකට ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන ප්‍රථම අවස්ථාව මේක. ඉතින් අසංකිත් රෂ් චිත්‍රපටයට පස්සේ මේක රගපාන්නේ. මම ක්ශේෂ්ත්‍රයට එනකොට මාෂිලා අසංකිලා ඉපදිලාවත් නැතුව ඇති. මම පරම්පරා තුනක රංගන ශිල්පිනියන් සමගින් පෙම් චරිත රගපාලා තියෙනවා. මාෂිට සහ අසංකිට මගේ ප්‍රසාදය ගෞරවය හැමදාටම තියේවී. එ දෙන්නා සිනමාවේ දිගු ගමනක් යාවී.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ඒවගේම චිත්‍රපට අධ්‍යක්ෂක චන්න පෙරේරා අදහස් දක්වලා තිබුණේ.