Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ආදරේ කරන කාලේ චන්න අයියා හරි සැරයි, මම කොහෙ ගියත් කියලා යන්න ඕන

අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න සුරූපිනියක් විදිහට හදුන්වන්න පුලුවන් ඇය තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ගයත්‍රි ඩයස් කියන්නේ රංගන ශිල්පිනියක් පමණක්ම නෙමෙයි. ඇය ව්‍යාපාරිකාවක් විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න කෙනෙක්. ඇය රූපලාවන්‍යාගාරයක් මීට ගොඩ කාලයකට කලින් සිටම කරගෙන යන අතරම මෑතකදී ගයත්‍රි ගැන අහන්න ලැබුණේ ඇය ආරම්භ කල තවත් ව්‍යාපාරයක් ගැනයි. ඒ ගයත්‍රිගේ අලුත් ව්‍යාපාරය වන කැෆේ එකක්.

ඉතින් කාන්තාවක් විදියට කාගෙන්වත් යැපෙන්නැතිව තනිවම ජීවත් වෙන දිරිමත් කාන්තාවක් විදියට ගයත්‍රි ඩයස්ව හදුන්වන්න පුලුවන්. කවුරුත් දන්න දෙයක් තමයි ගයත්‍රි විවාහ වෙලා සිටියේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන චන්න පෙරේරා සමගින් කියලා. ඉතින් මේ වන විට ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ මවක් වන වන ගයත්‍රි චන්නගෙන වෙන් වෙලා දුවකා දෙන්නා සමගිනුයි ජීවත් වෙන්නේ.

ඉතින් චන්න පෙරේරා සමගින් ගයත්‍රි විවාහ වෙන විට ලොකු දැනුම් තේරුමක් තිබුණෙ නෑ කියලයි ගයත්‍රි කියන්නේ. ඉතින් පෙම්වතුන්ව සිටි කාලයේ සුන්දර අත්දැකීම් ගයත්‍රි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” ආදරේ කරන කාලේ චන්න අයියා හරි සැරයි. මම කොහෙ ගියත් එයාට කියලා යන්න ඕන. අපෙ ගෙදර ෆෝන් එකක් තිබුණා. ඒත් ඒකෙන් චන්න අයියට කෝල් කරන්න බෑ. ෆෝන් බොක්ස් එකකින් තමයි කෝල් කරන්න ඕන. අපේ ගෙවල් ලග සලාක එකක් තියෙයි. ඒකට අපි යන්න හරි ආසයි. ඉතින් සල්ලියක් හම්බුනොත් පොඩි ඔරලෝසුවක් වගේ ගන්නවා.”

මේ විදියටයි චන්න ගයත්‍රි ආදර කතාවේ සුන්දර අතීතය ගැන ගයත්‍රි කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *