Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ගයත්‍රිට ලොකු දුව හම්බවෙන්න ඉන්නකොට මමත් ළග හිටියා, මම දුවක් කියලා දැන ගත්තම උඩ පැනලා කෑ ගැහුවා

රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන තවමත් ප්‍රේමවන්තයාගේ චරිතයට ගැලපෙන ඔහු චන්න පෙරේරා. චන්න රංගනයෙන් දායක වුනු එදා අංජලිකා චිත්‍රපටයට ගොඩක් දෙනා ආදරේ කරන්න පටන් ගත්තා. ඉතින් එතනින් නොනැවතුනු චන්න මේ වන විට චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කලා.

එන්න එන්නම කඩවසම් වෙන චන්න පෙරේරා විවාහ වුනෙත් ක්ශේෂ්ත්‍රයේම දක්ෂ රංගන ශිල්පිනියක් සමගයි. ඇයත් ඉතාම සුරූපි රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්. ඉතින් ගයත්‍රි සහ චන්නට ආදරණීය දියනියන් දෙදෙනෙක් ඉන්නවා. නමුත් චන්න සහ ගයත්‍රි මේ වන විට විවාහයෙන් වෙන් වෙලා වෙන වෙනම ජීවත් වෙන්නේ.

ගයත්‍රිට ඔවුන්ගෙ ලොකු දුව මලීෂා ලැබෙන්න ඉන්නවිට දැනුනු සතුට ගැන චන්න පෙරේරා මේ විදියටයි එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ පවුලේ ඔක්කොම පිරිමි. ඉතින් මම සහෝදරියක් බලාපොරොත්තු වුනාට ඒක වුනේ නෑ. ඊට පස්සේ මම හිතුවා මට දුවලා ගොඩක් ලැබුණොත් කියලා. ස්කෑන් කරලා ඩොක්ටර්ගෙන් ඇහුවට එයා තේරෙන්න කිව්වෙ නෑ. මම ගයත්‍රිට මලීෂා හම්බවෙන්න ඉන්නකොට ලගට වෙලා හිටියා. ගෑණු ළමයෙක් කියලා දැන ගත්තම මම උඩ පැනලා කෑ ගැහුවා. අම්මලා බදාගෙන හූ කිව්වා. ඩොකර්ස්ලා තවත් කියනවා ඒ ගැන.”

මේ විදියටයි චන්න පෙරේරා අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *