මට වයස 48 යි, පුතාට 18 යි, මම නිදියන්නෙත් ඒ මූණ බලාගෙන නැගිටින්නෙත් ඒ මූණ බලාගෙන
ගායන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ කාලයක සිට ඇගේ ඒ හඩට ආදරය නොකරපු කෙනෙක් නොමැති තරම්. ඒ තරමටම මියුරු හඩකින් ගීත ගායනා කල ඒ සුන්දර ගැහැණිය චම්පා කල්හාරි කියන්නේ අපේ රටේ කාගේත් ආකර්ෂණය නිතැතින්ම ලබා ගත්ත හිත හොද ගායිකාවක්. සිංහල ගීත පමණක් නොව හින්දි ගීත පවා හරි රහට ගායනා කරන ඇය කාලයක් ප්‍රසංග වේදිකාව තුළ නිතරම පාහේ දුටුවා.
ඉතින් කවුරුත් දන්නවා චම්පා කල්හාරි ජනප්‍රිය ගායිකාව ඇගේ එකම පුතා හදා වඩා ගත්තේ බොහොම ආදරයෙන් කියලා. ඇය සදහන් කරන ආකාරයට ඔහු තමයි ඇගේ එකම වස්තුව. ඉතින් ඇගේ ආදරණීය පුතා ගැන මේ විදියටයි ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට වයස දැන් 48 ක්. මගේ පුතාට වයස අවුරුදු 18 ක්. එයා තමයි මගේ එකම ශක්තිය. දැන් පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එයාගේ අධ්‍යාපන වැඩ කටයුතුවලට ගිහින්. මම රෑට නිදා ගත්තෙත් එයාගේ මූණ බලාගෙන උදේට නැගිට්ටෙත් එයාවම දිහා බලාගෙන. මම රටවල් 14කට විතර එයාව එක්කන් ගිහින් තියෙනවා ශෝ වලට. මොකද ලංකාවේ එයාව දාලා යන්න බය නිසා.
එයා එයාගේ අනාගතය කොහොම තෝරාගනීද කියලා දන්නෙ නෑ. ඒ වුනාට ලෝක ස්වභාවය ඒක නිසා පිළිගන්න වෙනවා එයා දුර ඉන්න එක. මම මුලින්ම පුතාගෙන් ඇහුවෙ කොන්ඩෙ කපන්නද කියලා. එයා හා කිව්ව ගමන්ම මම කැපුවේ. මට මගේ තනිකම අසරණ විදියකට දැනුනෙ නෑ. මම ගොඩක් වැඩ කරන කෙනෙක්. මම දැන් රැකියාවක් කරනවා. මාධ්‍ය අංශයේ රැකියාව කලේ. ‘’

80 දශකයේ මැද කාලයේ ක්ශේෂ්ත්‍රයට ආපු චම්පා කල්හාරි වයස අවුරුදු 10 දි තමයි මුලින්ම ගීතයක් ගායනා කලේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න හැකිවෙන්න අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.