Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කලා කාරයා හිගන්නා කියන මතේ හිටපු නිසා මම කැමතිවුණේ නෑ සංගීතය කරලා ජීවත් වෙන්න

සිංහල ගීත වගේම හින්දි ගීත ගායනා කරන ඇය මිහිරි හඩක් තියෙන චම්පා කල්හාරි ආදරණීය ගායිකාවයි. ඇගේ මිහිරි හඬට එදා වගේම අදටත් හැමෝම ආදරය කරනවා. ඒ නිහතමානී ගායිකාව අපේ රටේ ඉහල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න ආදරණීය ගායන ශිල්පිනියක්. ඉතින් තාත්තගේ බලකිරීමට සංගීතය ඉගෙන ගත්ත ඇය මේ වන විට දක්ෂ ගායිකාවක්.

පුතා සමගින් තනිකඩ ජීවිතයක් ගත කරන චම්පා කල්හාරි ආදරණීය ගායිකාවටම අනන්‍ය වූ කොන්ඩ විලාසිතාව ඇයට තවත් රසික ආකර්ෂණයක් ලබා ගන්නට සමත් වෙනවා. ඉතින් තාත්තගේ කරදරේට සංගීතය ඉගෙන ගත්ත ජනප්‍රිය ගායිකාව සංගීතය වෘත්තීය කරගන්නට අකමැති වුණු හේතුව ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” අපේ තාත්තා මට බලෙන් සංගීතය ඉගැන්නූවෙ. පාන්දර නැගිට්ටවලා ස්වර අභ්‍යාස කරවනවා. මම ගීතයක් කිව්වට රසිකයො මගදි හම්බවුණාම මම ඉක්මනින් කතා කරලා යනවා. තාත්තා කියනවා තමන්ට ආදරය කරන කට්ටියට එහෙම කරන්න එපා කියලා. මම සංගීතය වෘත්තීය කරගන්න අකමැති අර ඉස්සර කියමනක් තිබ්බනේ කලා කාරයා හිගන්නා කියලා. ඉතින් ඒ හින්ද මම කැමති වුනේ වෙන වෘත්තීයක් කරන්න. ”

මේ විදියටයි ආදරණීය නිහතමානී ගායිකාව චම්පා කල්හාරි අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *