Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මේ ලෝකේ කිසිම සම්මතයක් නෑ එක පාරක් කසාද බදින්න ඕන කියලා – සමිතා සහ අමායා සමගින් විවාහ වුණු අතුල

ගායන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක හදවත් වලට ආදරයෙන් ගීත ගායනා කරපු කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පී අතුල අධිකාරි කියන්නේ. ඔහු ගායනා කරන ගීත අතර හිත අස්සට, හද හඩලා, බොහෝ කලක්, රොන් පොදක් වැනි ගීත ගණනාවක් ගායනා කල ඒ කවුරුත් ආදරෙ කරන ගායකයා රංගන ශිල්පියෙක් විදියටත් ප්‍රේක්ෂක අපිට දැක බලා ගන්න පුලුවන්.

ඒ හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ තරුපති සර් විදියට. ඉතින් ගායකයෙක් පමණක් නෙමෙයි රංගන ශිල්පියෙක් විදියටත් කවුරුත් ආදරේ කරන අතුල අධිකාරි පුංචි කාලයෙ ඉදලම සංගීත ක්ශේෂ්ත්‍රය තුලින් දක්ෂතා ඉදිරිපත් කල කෙනෙක්.

ඉතින් අතුල අධිකාරි ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව සහ රංගන ශිල්පිනී අමායා අධිකාරි සමගින් විවාහ වුණා. නමුත් ඒ විවාහයන් දෙකෙන්ම සමු ගත්ත අතුල මේ වන විට තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නෙ. නමුත් ඔහු කලින් විවාහ වෙලා හිටපු සමිතා සහ අමායා සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සමගින් පවා ඉතාම සහයෝගයෙන් තමයි ජීවත් වෙන්නේ. මේ හේතුව නිසා මේ අතුලට ප්‍රේක්ෂකයන්ගේ විවිධ චෝදනා අසන්නට ලැබෙන්නේ. ඒ ගැන අතුල අධිකාරි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මේ ලෝකේ සම්මත දාලා තියෙන්නේ මේ වයසෙන් පස්සෙ විවාහ වෙන්න ඕන කියලා. නමුත් කියලා නෑ කී දෙනෙක්ට ආදරේ කරන්න ඕනද කී පාරක් විවාහ වෙන්න ඕනද කියලා. ඉතින් සමාජයට බයේ මම වැඩ කරන්නෙ නෑ. සමාජයේ මිනිස්සු කොයි තරම් වැරදි දේවල් කරනවද. ඒ අතින් මම හොද වැඩියි සමාජයට බැස්සම. මම කිසිම කෙනෙකුට කරදරයක් කරන්නෑ. මම දැන් කාටවත් කරදරයක් නොවී නිදහසේ ඉන්නවා. නමුත් කා එක්කවත් තරහක් නෑ. දුකක් නෑ.පසුතැවීමක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *