මම මනීෂට කතා කරන්නේ බේබි අම්මා කියලා, මගේ ආදරේ හැමදාම මනීෂා වෙනුවෙන් තියෙනවා
රංගන ශිල්පියෙක් විදියට පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආලින්දයට ආව ඔහු අශේන් සිරිවර්ධන. රංගන ශිල්පියෙක් වගේම මාෂල් ආර්ට්ස් කරන අශේන් රට වෙනුවෙන් විවිධ ජයග්‍රහණයද හිමි කරගෙන තියෙනවා. ඉතින් ඔහු වැඩි හරියක් පුංචි තිරය හරහා අපිට දැක ගන්න ලැබෙන්නේ ටිකක් නපුරු චරිත හරහායි. ඒකොහොම වුණත් ඔහුට ඕනෑම චරිතයක් කරන්නට හැකියාව තියෙන බවනම් නොරහසක්.
ඉතින් අශේන් සිරිවර්ධන මේ වන විට පෙම්වතෙක් කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් මේ කඩවසම් තාරුණ්‍යයේ ඉන්න අශේන්ගේ හිත හොරා ගත්ත ඒ රුවැත්තිය තමයි රංගනයට වගේම ගායනයටත් දක්ෂතා දක්වන සුරූපි මනීෂා චංචලා. මේ දෙදෙනා මුලින්ම යාලුවන් කියලා දැන් පෙම්වතුන් කියලා ප්‍රේක්ෂකයන් හැමෝම දන්නවා.

එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී මේ දෙන්නගේ ආදරය ගැන කියලා තිබුණේ මේ විදියටයි.
” මනීෂව මුලින්ම දකිද්දී මම ෆීල්ඩ් එකට ඇවිල්ලවත් නෑ. ඉස්සර මම මනීෂා ප්‍රසන්ට් කරනවා බලලා හිතලා තියෙනවා කවදහරි දවසක මම මෙයත් එක්ක එකට රගපානවා කියලා. ඉතින් කොහොමහරි මට ඒක කරගන්න පුලුවන් වුණා. මම මනීෂට කතා කරන්නේ බේබි අම්මා කියලා. එයාව දැකපු මුල්ම දවසෙ දැනුනු හැගීම තමයි තවත් මගේ තියෙන්නේ. ඉතින් මම එයාට කියන්නේ හැමදාමත් එයා ගැන තියෙන ආදරේ මගේ හිතේ තියෙනවා.”
ඉතින් අශේන් ගැන මනීෂා ඒ අවස්ථාවෙදි සදහන් කරලා තිබුණේ මේ විදියටයි.
” මම අශේන්ගේ කැමතිම ලක්ෂණය තමයි එයාට තරහ යන්නෙ නෑ. ඒ කියන්නේ මට ගොඩක් තරහයනවා. ඉතින් ඒ තැනදි උපරිමේටම ඉවසන කෙනෙක් තමයි අශේන්.’’

මේ විදියටයි දෙන්නට දෙන්නා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.