Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අවුරුදු 8 ඉදලා හීන මැව්වේ අපේ නැටුම් ටීච වගේ වෙන්න

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නිෂ්පාදිකාවක් කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන කෙනෙක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. අළු බදුන, වර්ණ, සුළග වැනි ටෙලිනාට්‍යය හරහා ඉතා දක්ෂ රංගනයක යෙදුන ආශා එදිරිසිංහ ගැන මෑතකදී වැඩිපුර කතා කරන්නට වුණේ ඇගේ ගීතය ‘ආදරේ මගේ වුණා’ එළිදැක්වීමත් එක්කයි.

ඉතින් එදා හීන හතක් වැඩ සටහන නිවේදනය කරපු ආශාට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. අදටත් කවුරුත් ඇයට වැඩි වශයෙන් ආදරේ කරන්නේ ඇගේ ඇති නිහතමානී කමටයි. ඉති ටෙලි නිර්මාණවලින් මෑතකදී ඇයව වැඩිපුර දැක ගන්න ලැබුණේ නැති නිසා ගොඩක් ප්‍රේක්ෂකයන් හිතුවේ ඇය කලා ගමනින් සමු අරන් කියලා. ඉතින් ආශා කියන්නේ ඇය රංගනය කල ටෙලිනාට්‍යය පහක් පමණ තව විකාශය වුණේ නෑ කියලයි.

” මම නර්තනයට හරිම ආසයි. මට වයස අවුරුදු 8 ඉදලා වගේ මම හීන දැක්කේ අපේ නැටුම් ටීච වගෙ වෙන්න. තවමත් නර්තනයට පුදුම ආසාවක් වගේම ආදරයක් තියෙනවා. නර්තනය තුලින් වැඩක් කරන්න ලොකු බලාපොරොත්තුවක් නෑ.”

ඉතින් ආපසු හැරිලා බලද්දී ඇගේ කලා ගමන තුළ ඇයට ඇගේ ජීවිතය තුල සතුටු වෙන්න හේතු තියෙනවා කියලයි ආශා එදිරිසිංහ කියන්නේ. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරා අධ්‍යාපනය ලබලා කලා ජීවිතය තුලත් සාර්ථක ගමනක් ආව එක ගැන ඇය ඇගේ ජීවිතය තුළ ඉතාම තෘප්තිමත් කියලයි ආශා එදිරිසිංහ සදහන් කරන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *