Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ලිවින් ටුගෙදර් හිටියත් බදින්නෙ නෑ, ඒ ෆොටෝ එකේ හිටියේ මම නෙමෙයි

නම නොකිව්වත් බ්‍රෑන්ඩ් නේම් එකෙන් රටක්ම දන්න හදුනන ඔවුන් ගැන කෙනෙකුට අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය නෑ. වස්ති කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන යූ ටියුබර්ස්ලා. වස්තිලාගේ වැඩ වලට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වන්නේ ඔවුන්ගේ නිර්මාණයන් තුළ තියෙන විවිධත්වය නිසා.

ඉතින් වස්තිලා හදුන්වන ඒ ගජ මිතුරන් දෙදෙනා තමයි අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක. ඉතින් වස්තිලා ගැන පසු ගිය කාලයේදී සමාජ මාධ්‍ය තුළ අංක එකේ ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබුණා. මොකද අනුෂ්ක අහ දුලාජ් එකතුවෙලා පටන් ගත්ත අලුත්ම රෙස්ටුරන්ට් එක නිසා. ඒක බාර් කියලා සමාජ මාධ්‍ය හරහා මේ ගැන හැමෝම කතා කරන්නට වුණා.

ඉතින් අනුෂ්ක කෝටි ගාණක ගෙදරක් සහ වාහනයක් ගත්ත නිසා ඔහුට සුබ පැතුම් රසිකයින්ගෙන් ලැබුණා. ඒ වගේම අනුෂ්ක සහ දුලාජ් මුණ ගැහිලා තියෙන්නේ අමතර පන්තියකදී. එතනින් පටන් ගත්ත ඔවුන් දෙදෙනගේ මිත්‍රත්වය අද වන විට රටක් ලෝකයක් දන්න බ්‍රෑන්ඩ් එකක් වෙලා. ඉතින් අනුෂ්ක එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම වගේ කෙනෙක් විවාහ වෙලා තිබුණා. ඉතින් හැමෝම හිතුවේ ඒ මම කියලා. නමුත් ඒ මම නෙමෙයි. මමනම් ලිවින් ටුගෙදර් හිටියත් කසාද බදින්නෙ නෑ. මොකද බදින්නම ඕන කියලා එකක් නෑනේ. අපි විහිලු වීඩොයෝ දැම්මා. තවත් කට්ටිය දාන්න පටන් ගත්තා. අපි රෙස්ටුරන්ට් එකක් දැම්මා. ඒකත් කට්ටිය දාන්න ගත්තා. ඊළගට අපි මිනී පෙට්ටි සාප්පුවක් දාන්න හදන්නේ.”

මේ විදියටයි ඔවුන් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *