Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නට ගෙදරින් කැමැත්ත ගන්න නටන්නත් වුනා

සිනමාවේ විවිධ රැගුම් පාන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා දමයන්ති. ඇය රංගන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් සිනමා නිර්මාණ ගණනාවකටම තම රංගන දායකත්වය ලබා දුන්න අනූෂා දමයන්ති කියන්නේ මේ වන විට වසර ගණනාවක් මුලුල්ලේ කලා කෙත අස්වද්දපු කෙනෙක් විදියටයි.

පසුගිය දා ක්ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අනූෂගේ විවාහ උත්සවය ගැන ක්ශේෂ්ත්‍රයේ බොහෝ දෙනා වගේම ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් කතා කරන අන්දමේ විවාහ උත්සවයක් වුණා. ඉතින් මේ විදියට අනූෂා අවුරුදු ගානක් ආදරය කරපු කෙනාවම විවාහ කර ගන්න ලැබීමට හැකිවීම ගැන ඇය ඉතා සතුටු වුණා.

ඉතින් අනූෂගේ අත ගත්තා ඔහු මුලින්ම අනූෂා සමග හිතවත් වෙලා කතා කලත් අනූෂගේ හෙවනැල්ල වගේ ඉන්න අම්මට හොරෙන් ඔවුන් ටික කාලයක් ආදරය කරනවා. ඉතින් අවසානෙදි අනූෂට ඕන වෙනවා අම්මාට ඔහුව පෙන්වන්න. ඒ වෙනුවෙන් ඇය සිදු කරපු දෙයක් ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපිදෙන්නට ගෙදරින් කැමැත්ත ගන්න නටන්නත් වුණා. මට ඕන වුනා අපේ අම්මට එයාව හදුන්වන්න. හැබැයි විදියකුත් නෑනේ. ඊට පස්සේ මම ඩාන්සින් එකකට මගේ පාට්නර් විදියට අරන් අම්මට කිව්වෙ මුලින් ඩාන්සින් පාට්නර් කියලා. ඊට පස්සෙ මම කිව්වා මගේ ඇහුවා කියලා. ඒ විදියට තමයි අපි දෙන්නගෙ ගෙවල් දෙකේ කට්ටියට කිව්වේ.”

මේ විදියටයි අනූෂා දමයන්ති ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *