ඉස්සර ජංගි කොටේ ගහගෙන ගෙදරට කවුරුහරි ආපුවහම නටන්න දගලනවා – අනූෂගෙ ආදරණීය අම්මා
නර්තන ශිල්පිනියක්, දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න ඇය කවුරුත් ආදරේ කරන අනූෂා දමයන්ති. මේ වන විට වසර ගණනාවක සිට අපේ කලා කෙත පෝෂණය කල අනූෂා රංගනය කල චිත්‍රපට ගණනාවක්ම අපි ආසාවෙන් නැරඹුවා. රාගයේ උණුසුම, වියරු ගැහැණියක්, අක්කයි නංගියි, ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතින් පසුගිය දා හැමෝම කතාවෙන විවාහ උත්සවයක් අනූෂා දමයන්ති කලා ලොවේ තරුත් සහභාගි කරගනිමින් අරන් තිබුණා. ඉතින් අනූෂා දමයන්තිගේ අත ගත්ත ඒ කඩවසම් තරුණයා තමයි අමිල. ඉතින් අමිල සමගින් මේ වන විට ඉතා සතුටින් කල් ගත කරන අනූෂා රංගනයට කුඩා කාලයේ ඉදලම දක්ෂතා පෙන්වන කෙනෙක්.
ඒ ගැන අනූෂගේ ආදරණීය අණියන් එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මෙ විදියටයි.

” අනූෂා පොඩි කාලේ ජංගි කොටයක් ගහගෙන කැස්ට් එකත් දාගෙන බැලුවොත් නටනවා. ඉස්කෝලේ ඇරිලත් දුවගෙන එන්නේ නටන්න. ගෙට ඇතුල් වෙනකොටම කැසට් එක දාගෙන තමයි යන්නේ. ගෙදරට කවුරු ආවත් එයා මගේ සායේ එල්ලිලා කියනවා නටන්න කියන්න කියලා. ඉතින් එහෙම කියනකම් අඩනවා. මම ඉතින් එන කට්ටියට කියනවා අනූෂට නටන්න කියලා එයාලටම කියන්න කියලා. මම ඉතින් ඒ කාලෙම හිතුවේ අනූෂා නැටුම් ගුරුවරියක් වෙයි කියලා.’’