පොඩි කාලේ මට ඕන වුණේ කවුරුහරි ආවම නටලා පෙන්නන්න
රංගන ශිල්පිනියක් ඒ වගේම නර්තන ශිල්පිනියක් විදියට කාලයක සිටම අපේ ආකර්ෂණය ලබා ගත්ත ඇය අනූෂා දමයන්ති. එදා ඇයට ලැබුණු ජනප්‍රියත්වය අද වන තුරුත් කිසිම අඩුවක් නැතුව ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට ලැබෙනවා. එදා චිත්‍රපට ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් අනූෂා දමයන්ති නර්තනය තුලිනුත් කාගේත් ආකර්ෂණය අවධානය දිනා ගන්නවා.

මෑතකදී ඇය තිරය තුලින් නිරන්තරයෙන් දැක ගන්නට නොහැකි වුණත් සමාජ මාධ්‍ය හරහානම් නිතරම කතා බහට ලක් වුණා. ඒ ඇගේ විවාහ මංගල උත්සවයත් එක්කයි. ඇගේ සැමියා අමිල සමගින් අනූෂ වසර ගණනාවක් ආදරය කරලයි විවාහ වුණේ. ඉතින් ඒ ගැන ඇය ඉතාම සතුටින් තමයි සිටින්නේ. අනූෂා කුඩා කාලේ පටන්ම නර්තනයට දක්ෂතා දැක්වූවා. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” මම ඉස්සර අපේ ගෙදරට කවුරුහරි ආව ගමන්ම කරන්නේ නටලා පෙන්නන එක. අම්මගේ සායේ එල්ලිලා අම්මට කියනවා ආපු කට්ටිය ඉසාරහට ගිහින් මට නටන්න කියන්න කියලා. මම උඩට ඇදගෙන නැතුව චූටි ඇදුමක් ඇදන් ඉන්නේ. ඉතින් අදටත් මට කට්ටිය කියනවා ඉස්සර අපි ඔයාලගේ ගෙදර ගියාම මම නටලා පෙන්නනවා කියලා.’’
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඒ වගේම නර්තන ශිල්පිනී අනූෂා දමයන්ති ඇගේ අදහස් දක්වලා තිබුණේ.