Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මුලදි මම ක්ශේෂ්ත්‍රයට එනවට තාත්තා කැමති වුණේ නෑ, පෙම්වතියක්ද කියලා දැන්ම නොකියා ඉන්නම්

පුංචි තිරයේ නිතරම කතා බහට ලක්වෙන දැක ගන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. ඉතින් ඇයව ‘අක්ෂි’ ටෙලිනාට්‍යයේ නිම්මි විදියටත්, කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ ත් දැක ගන්න පුලුවන්. ඉතින් මේ දිනවල කවුරුත් අනුරාධා ගැන කතා කරන්නේ අක්ෂි ටෙලිනාට්‍යය නිසයි.

කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉතා කාර්යබහුල චරිතයක් වෙන අනුරාධා ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ආශ්‍රය කරන ඇගේ හොදම මිතුරිය තමයි ශලනි තාරක කියන්නේ. යාලුකමට එහා ගිය සහෝදර බැදීමක් ඔවුන් දෙදෙනා අතර තියෙන්නෙ කියලයි අනුරාධා කියන්නේ. තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්න චරිතයක් වන ඇය තනිවම ඉන්නවිට සිංදු අහන එක තමයි කරන්නේ. ඉතින් මේ විදියට තරුණ වියෙ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහ ආදරය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම කලාවට එනවට මුලින්ම මගේ තාත්තා කැමති වුනේ නෑ. දැන්නම් අපේ පවුලෙ හැමෝම හරිම සතුටින් මගේ නිර්මාන රසවිදිනවා. ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. මම තවම පෙම්වතියක්ද කියලා දැන්ම නොකියා ඉන්නම්. මම බලාපොරොත්තු වෙන කෙනාගේ තියෙන ඕන අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය, තේරුම් ගැනීම වගේ දේවල්. ක්ශේෂ්ත්‍රයේ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් මම භාර ගන්නෙ නෑ. අද කාලේ ගොඩක් අය තරුණ වයසින්ම විවාහ වෙනවා. ඒක එකිනෙකාගේ කැමැත්ත අනුව වෙන දෙයක්. මමනම් හිතන්නේ විවාහයට ස්ථිර වයසක් නෑ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *