ක්ශේෂ්ත්‍රයට ආවම මිනිස්සු බැන්න නිසා අපි අප් වුනේ
මේ දිනවල අපේ රංගන ක්ශේෂ්ත්‍රය තුළ කා අතරත් කතා බහට ලක් වුණු සහ කතා බහට ලක්වෙන චරිත දෙකක් තමයි අනුෂ්කි සහ කනුෂ්කි කියන්නේ. ඉතින් වැඩි හරියක් කට්ටිය මේ දෙන්නට අමතන්නේ අනු සහ කනූ කියලා. ඉතින් මේ විදියට නිවුන් සොහොයුරියන් විදියට කා අතරත් ජනප්‍රිය වුණු අනූ කනූ රංගනය කරන මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යය තුළින් ඔහු රසික ආදරය නොඅඩුව ලබා ගත්තා.

ඉතින් අනු සහ කනූ කියන්නේ රංගන ශිල්පිනියන් වගේම ඉතා දක්ෂ නර්තන ශිල්පිනියන්. ඔවුන් කුඩා කාලේ ඉදලම නර්තනය හදාරලා අද වන විට නර්තනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටිනවා. කුඩා කාලයේ ඉදලම විවිධ තරග සදහා සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබා ගත්ත අනූ කනූ ඩාසින් කවර්ස් හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නවා.
අනූ කනූ මේ වන විට පෙම්වතියන් නොවනවා වගේම ඒ දෙන්නා සදහන් කරන්නේ ඔවුන්ව තේරුම් ගත්ත බුද්ධිමත් උගත් සල්ලි තියෙන දෙන්නෙක් ලැබුණොත් හොදයි කියලා. ඉතින් තවම විවාහය ගැන හිතලා නැති අනූගේ සහ කනූගේ ජීවිතයේ අරමුණු කිහිපයක් ඉටු කරගන්නට තියෙනවා කියලයි ඔවුන් දෙදෙනා සදහන් කලේ. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් අහන්න ලැබෙන විවිධ චෝදනාවන් ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” අපි දෙන්නට හැදෙන කට කතා අපි ගණන් ගන්නෙ නෑ. මම හිතන්නේ එහෙම කටකතා ගොසිප් හැදුන නිසා තමයි අපි මේ විදියට අප් වෙලා ඉන්නේ. අපි කියන්නේ අපිට බනින අයට ගොඩක් තෑක කියලා. එතකොට තමයි හිතට තව තව ශක්තියක් සහ ටාගට් තියෙන්නේ. ඉතින් බොහෝම ස්තූතියි”