Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ඉන්නේ නිවුන් සහෝදරයෙක්, අපි දෙන්නගෙ වයස් පරතරය විනාඩි10යි – ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ

කලා ක්ශේෂ්ත්‍රයේ කාලයක සිට ජනප්‍රියත්වය ඉහලින් ලබා ගත්ත රංගන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් අතර කතා බහට ලක් වුණු කෙනෙක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. ඇය පුංචි තිරය හරහා අපිට දැක බලා ගන්න පුලුවන් දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ අවන්තගෙ අම්මා විදියටයි.

ඉතින් අංජුලා මේ වන විට ආදරණීය මවක්. ඇය දරුවා ලැබෙන්න ඉන්නවිටත් රංගන කටයුතු සිදු කලා වගේම දරුවා ලැබිලා ඉතාම ඉක්මනින් නැවත රංගන කටයුතු සදහා සහභාගි වෙනවා. ඉතින් මේ විදියට කලා කටයුතු වල නියැලිලා ඉන්න අංජුලා කාලයක් නිවේදිකාවක් විදියටත් ප්‍රේක්ෂක අපි අතරට එනවා.

ඉතින් ඉතාලියේ ඉපදිලා ලංකාවට එන අංජුලාට ඉන්නේ එක් සහෝදරියක්. ඉතින් කුඩා කාලයේ ඉදලම හොද ගුණ ධර්ම එක්ක හැදී වැඩුණු ඇයට මේ සාරධර්ම හැම දෙයක්ම පොඩි කාලයේ ඉදලම ලැබුණේ දෙමාපියන්ගේ අභාෂයත් එක්කයි. ඒ විදියට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අංජුලා ඇගේ ළමා කාලය ගැන එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ වගේ අදහසක්.

” මම මල්ලි කිව්වට මට ඉන්නේ නිවුන් සහෝදරයෙක්. අපි දෙන්නගෙ වයස් පරතරය විනාඩි 10යි. පොඩි කාලේ ඉදලම අපි දෙන්න හැදුනෙ එක. මම කොන්වන්ට් එකට ගියේ. එයා කොලේජ් එකට ගියේ. අපි ඒලෙවල් කරනකොට හිටියෙ එක රූම් එකේ හිටියේ. කවදාවත් අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. තරහා වෙලා නෑ. මට එයා ඉන්නවා. එයා මට ඉන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *