බබා ලැබුනට සතුටු වුණා ඒත් පාළුවක් දැනුනා එයා දැන් මගේ බඩ ඇතුලෙ නෑනේ කියලා
කාලයක පටන් කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආලින්දයට ආපු ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ කියන්නේ. ඇය රංගනය කල ටෙලිනාට්‍යය හරහා බොහෝ රසික ආදරයක් ලබා ගන්නට සමත් වුණා. ඉතින් ඒ වගේම මේ වන විට ඇයව දැක ගන්න පුලුවන් වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යය හරහායි.

එහි අවන්තගේ අම්මා විදියට ටෙලිනාට්‍යය මුල සිටම අවසානය දක්වා රැදී සිටි අංජුලා දරුවා කුස තුළ තියාගෙනත් ඇය රංගනයේ යෙදුනා. ඉතින් ඒ විදියට කලාවට සාධාරණයක් ඉටු කරන අංජුලා මේ වන විට ආදරණීය මවක්.
ඇය දරුවා බිහි වෙන අවස්ථාවේ මුහුණ දුන් සුන්දර අත්දැකීම් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” මට දරුවා ලැබෙන්න ඉන්නකොට විශේෂයෙන් දොළදුකක් කියලා කෑමකට ආසාවක් ආවේ නෑ. බබා ලැබෙන්න ඩොකටර් මට කිව්වා සීසර් සැත්කමකින් ගන්න වෙනවා කියලා. නෝර්මල් හම්බුණත් සීසර් එකක් කරලා බබා ලැබුණත් ඒ අම්මා අම්මම තමයි. අපේ අම්මා කියනවා ඔයා ඉතින් බබා ගත්තේ සැත්කමකින්නෙ කියලා. බබා ලැබුණම ඇත්තටම සතුටු හිතුනා. ඒත් මට පාලුවක් දැනුනා දැන් එයා මගේ බඩ ඇතුලෙ නෑනේ කියලා.”

මේ විදියටයි උතුම් මව් පදවිය ලබපු අංජුලා රාජපක්ෂ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ සුන්දර කැදැල්ලට අපිත් සුබ පැතුම් ඉටු කරන්නෙමු.