Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම මගේ මහත්තයට කිසිම බොරුවක් කරන්නෑ, අපි දෙන්නගෙ පවුල් ජීවිතේ ප්‍රශ්න අඩුයි

කාලයක සිට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත ඒ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. කාලයක් විවාහ ජීවිතයෙන් පසුව ඇගේ දරුවා ලැබෙන්න ඉන්න නිසා කලාවෙන් සමු ගත්තත් නැවත ඇයව පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනියව අපිට දැක ගන්න ලැබෙන්නේ දෙරණ නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය දීර්ඝ ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ. මේ ටෙලිනාට්‍යයේ දරුවා ලැබෙන්න ඉන්න කාලය තුලදීත් ඇයව අපිට දැක ගන්න ලැබුණා.

ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න අංජුලා රාජපක්ෂ ආදරණීය මවක්. ඉතින් ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය සැමියා සමගින් ගෙවන ජීවිතය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම වෙන කාන්තාවෝ වගේ සැමියා ඉස්සරහ බොරුවට වෙන කෙනෙක් වෙන්න හදන්නෙ නෑ. මම ඉන්නේ මම විදියටමයි. සැමියා ඉස්සරහා වෙන කෙනෙක් වගේ හැසිරෙන්න කැමති නෑ මං. ඒ නිසා තමයි අපි දෙන්නා අතර ප්‍රශ්න අඩු. මම ඉස්සර ගෙදර ඉන්නකොටත් එහෙමයි. බොරු කියන්නෙ නෑ. මම ගොඩක් පිරිමි යාලුවෝ ආශ්‍රය කරනවා. ඉතින් මගේ මහත්තයා ඉන්නකොට මම පිරිමි ළමයින්ට තට්ටු දාන එක නවත්තන්නෙ නෑ.’’

ඉතින් මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *