මගේ බිරිද අම්මගෙ පෙනුමට, ගතිගුණ වලට ගොඩක් සමානයි, මාව ආදරෙන් බලාගන්නවා
‘අම්මා’ මියුසික් වීඩීයෝව හරහා අතිශය ජනාදරයට පාත්‍ර වුණු ඔහු ජනප්‍රිය ගායක තරිදු පෙරේරායි. ඉතින් තරිදු ගායනයට ප්‍රවේශ වෙන්නේ ඔහුගේ අයියලාගේ ස්ටාර් ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමට එකතුවෙලා. ඉන්පසු සංගීත කණ්ඩායම් කිහිපයක් සමගින් කාලෙන් කාලෙට එකතු වෙලා අවසානයේ ඔහුගේම සංගීත කණ්ඩායමක් කරගෙන යනවා.

ඉතින් මේ වන විට තරිදුගේ නවතම ගීතයක් එළි දක්වන්නට සූදානමින් ඉන්නවා. ඉතින් ඒ ගීතයේ වැඩ කොටසක් තවම ඉතුරුවෙලා තියෙන නිසා ඉතා ඉක්මනින් ඒ නිර්මාණය එළිදක්වනවා කියලයි තරිදු පෙරේරා කියන්නේ. 2007 වසරේදි තම මුල්ම ගීතය එලි දක්වපු තරිදු පාසල් ගියේ වේල්ස් කුමර විද්‍යාලයට.
ඉතින් ජනප්‍රිය ගායක තරිදු විවාහ වෙලා ඉන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමගයි. ඇය තමයි අංජලී ලියනගේ කියන්නේ. ඉතින් අංජලීගෙත් තරිදුගෙත් සොදුරු හමුවීම ගැන මේ විදියටයි තරිදු එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම පාසල් ගියේ වේලස් කුමර විද්‍යාලයට. අංජලී ගියේ උසස් බාලිකාවට. අපි දෙන්නා ඉස්කෝලේ යනකාලේ ඉදන්ම යාලුවෝ. මම පාසල ඇරුනම හැමදාම යනවා එයාව බලන්න. අපිට හමුවුණු ප්‍රශ්නත් එක්ක මුහුණ දුන්නු ඒවත් එක්ක අපි කාලයක් දුරස් වෙලාත් හිටියා. නමුත් අපේ සංසාරගත බැදීම් එක්ක ආයෙමත් එකතු වුණා. අංජලී පෙනුමෙන් සහ ගතිගුණ වලින් අපෙ අම්මට සමානයි. එයා හරිම ආදරෙන් මාව බලා ගන්නෙ.”
මේ විදියටයි තරිදු පෙරේරා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.