මම TV එකේ ලොකුවට පෙනුනට හරිම චූටියි, රස්සාවක් නම් කරන්න කැමති නෑ
එදා ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අන්ධ චරිතයකට රංගනය කල ඒ ළමා නිළිය තමයි අංජලී මෙත්සරා කියන්නේ. ඇය මේ වන විට ගායනයටත් නිවේදනයටත් වගේම රංගනයටත් දක්ෂ චරිතයක්. ඉතින් අංජලී දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 තරගාවලියේ අවසන් තුන් දෙනා අතරට තේරි පත් වුණා.

ඉතින් ඇය මුලින්ම දෙරණ ලිට්ල් ස්ටාර් 2011 වසරේ වයස අවුරුදු 8 න් පහළ ගායන අංශයේ දක්ෂතම තරුව බවට පත් වෙන්න ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් 2015 අවුරුද්දේ ඇය අන්ධ චරිතයකට රංගනය කල හෝ ගානා පොකුණ චිත්‍රපටය විකාශය වුණා.
ඉතින් සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරනවා වගේම ෆැලන් ඇන්ඩ්‍රියා සමගින්ද ගීත ගායනා කල අංජලීට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අංජලී මේ විදියටයි එක්තරා පුවත්පත් සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ටීවී එකේ මම ලොකුවට පෙනුනට මම හරි චූටියි. ගොඩක් අයට මාව අදුනගන්න බැරි වෙනවා. දෙතුන් පාරක් දැක්කම තමයි හැමෝම අහන්නේ ආහ් මේ අංජලී නේද කියලා. ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරෙ මට ගොඩක් වටිනවා.’’
මේ විදියටයි අංජලී මෙත්සරා අදහස් දක්වලා තිබුනේ.