ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 අවසන් තුන් දෙනා අතරට ආවම ගොඩක් සතුටු හිතුනා
රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම ගායිකවක් විදියට ක්ශේෂ්ත්‍රයේ කාගේත් ආදරය ලබා ගන්න ඒ දක්ෂ චරිතය තමයි අංජලී මෙත්සරා කියන්නේ. ඇය රංගනයෙන් එදා දායක වුණු ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අන්ධ දරුවාගේ චරිතයකට රංගනය කල අංජලී 2015 වසරේ තමයි ප්‍රදර්ශනය වුනේ.
ඉතින් අංජලී මුලින්ම සම්බන්ධ වුණේ 2011 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට. එහි වයස අවුරුදු 18න් පහළ ගායන අංශයේ දක්ෂතම තරුව බවට පත් වුනා. ඉන්පසු හැමෝම අංජලී ගැන කතා කරන්නට වුණේ ඇය සහභාගි වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10.

මෙම තරගාවලියේ අවසන් තුන් දෙනා අතරට පැමිණියත් ජයග්‍රහණය ලබා ගන්නට නොහැකි වුණත් අංජලී ලබා ගත් ජනතා ආකර්ෂණයනම් කියන්නට වචන නැති තරම්. ඒ තරමට අංජලීට සහ ඇගේ හඩට හැමෝම ආදරය කරනවා. මේ දිනවල අධ්‍යාපන කටයුතු වලට මුල් තැන ලබා දෙමින් ඒ ගැන උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් අංජලීගේ අනාඅත බලාපොරොත්තුව විදියට ඇය කිව්වේ බිස්නස් එකක් කරන්නට කැමතියි කියලයි. ඉතින් ඇගේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අත්දැකීම ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් තුන් දෙනා අතරට තේරුනාම ගොඩක් සතුටු හිතුනා.අපි තුන් දෙනා එක එක්කෙනාට කිය කියා හිටියේ ඔයා දිනන්නේ ඔයා දිනන්නේ කියලා. නමුත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම දිනන්නෙ කවුද කියලා.”