Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ගෙදරදි හස්බන් එක්ක තරහක් ආවොත් මම අල්ලගන්නෙ අපේ බල්ලා

ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් තමයි අංජලී ලියනගේ කියන්නේ. ඉතින් ආදරණීය අම්මා විදියට ප්‍රේක්ෂක අපි අතරට එන අංජලී සැබෑ ජීවිතේදීත් ආදරණීය දියනියකගේ මවක් වෙනවා. ඉතින් දෙරණෙහි අනූෂා විදියට ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රංගනය කරන අංජලී ඇගේ සෑම චරිතයකින් ප්‍රේක්ෂකයාට ආදර්ශමත් වෙන මවක් විදියටයි අපි දකින්නේ.

ඉතින් ආනන්දගේ පවුලේ දෙව්මිගේ අම්මා විදියට ටෙලිනාට්‍යය පටන් ගත්තු කාලේ සිටම හිටපු අංජලී ලියනගේ ඇගේ සැමියා සමගින් ඉතාම සතුටින් ජීවත්වෙනවා. ඔහු ක්ශේෂ්ත්‍රයට සමීප කෙනෙක්. ඉතින් අංජලී සැමියා සමගින් තරහ ගිය විට හැසිරෙන ආකාරය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට හස්බන්ඩ් එක්ක තරහ ගියාම මම අල්ලගන්නේ අපේ රොකීව. එයා බල්ලෙක්. ලොකු ලොකු තරහවල් වලට නෙමෙයි. මම කරන්නේ රොකී ගේ ඇතුලෙනෙ ඉන්නෙ. බැනලා එලියට දානවා. මම ඇත්තටම බල්ලට බැන්නත් හස්බන්ඩ් හිතන්නේ මට තරහ ගිහින් කියලා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී අංජලී ලියනගේ ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *