අපි දරුවන්ව කලාවට බලෙන් ගත්තෙ නෑ, එයාලට තීරණ ගන්න නිදහස දුන්නා
අපේ රටේ ප්‍රවීන රංගන ශිල්පීන් දෙපළක් තමයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මානෙල් වානගුරු සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ කියන්නේ. ඉතින් මේ දෙදෙනා මීට වසර ගණනාවක සිටම කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය ලබා ගත්තා. ඉතින් වේදිකාවට ඉහල දස්කම් දක්වන මේ ප්‍රවීන රංගන ශිල්පී දෙපළගේ ආනන්ද වික්‍රමගේ රංගන ශිල්පියා රගපෑ ‘පබා’ ටෙලිනාට්‍යයට ගොඩක් දෙනා ආදරය කලා.

මානෙල් වානගුරු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය රංගනය කරන මේ දිනවල පුංචි තිරය හරහා අපිට දැක බලා ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් තමයි දිවිතුරා. එහි ටීනගේ අම්මා විදියටයි ඇය ප්‍රේක්ෂක අපි අතරට එන්නේ. හොදම දේ තමයි ප්‍රවීන රංගන ශිල්පී යුවළගේ දරුවන් දෙදෙනාත් අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිත දෙකක්. ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ කියන්නේ දක්ෂ රංගන ශිල්පීන්.
ඉතින් දරුවන් සමග ඉතාම සතුටින් කල් ගත කරන ජනිත් වික්‍රමගේ මේ වන විට දක්ෂ නිවේදකයෙක්ද වෙනවා. සංකේත් විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා කලාවට යොමුවුණු ආකාරය ගැන මේ විදියටයි ආනන්ද වික්‍රමගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපි රගපෑවා කියලා කොයිම වෙලාවකවත් දරුවන් දෙන්නා කලාවට ගන්න බල කලේ නෑ. අපි එයාලට කැමති ක්ශේෂ්ත්‍රයකට යන්න නිදහස දුන්නා. එයාලට හොදට ඉගැන්නුවා. ක්‍රිකට් ක්‍රීඩාවත් කලා. කොහොමහරි එයාලා දෙන්නත් කලා ක්ශේෂ්ත්‍රයට ආවා. අපි බල කරලා මෙ ක්ශේෂ්ත්‍රයට ගත්තෙ නෑ. එයාලම තෝර ගත්තා.”
මේ විදියටයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ අදහස් දක්වලා තිබුණේ.