මගේ බිරිද මට මුණ ගැහුනේ එයාට අවුරුදු 14 දි, 1984 වසරෙදි අපි විවාහ වුණා – ආනන්ද අතුකෝරල
ප්‍රවීන රංගන ශිල්පියෙක් විදියට ඉතා දක්ෂ රංගනයක් හරහා ප්‍රේක්ෂක අපි අතරට එන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී ආනන්ද අතුකෝරල. ඔහු ටෙලිනාට්‍යය තුලින් පසුගියදා බෙහෙවින්ම ප්‍රේක්ෂකයා පුංචි තිරය තුලින් දැක්කා. ඉතින් ඔහුගේ ආදරණීය දියනියත් රංගන ශිල්පිනියක්.
නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන ආනන්ද අතුකෝරලයන්ගේ දුව ඉෂාරා අතුකෝරලව ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක් හැටියට අපිදකිනවා. ඉතින් මේ දෙදෙනා එකම නාට්‍යයක රංගනය කලත් තාත්තයි දුවයි විදියට මෑතකදී දැන ගත්තේ ඔවුන්ගේ විශේෂ වැඩ කටයුත්තක් නිසා.

ඉතින් වීදී කෑම කඩයක් නිසා ඉතා ජනප්‍රිය වුණු ආනන්ද අතුකෝරල සහ ඇගේ දියණිය ඉෂාරා අතුකෝරල ආනා ඊට්ස් විදියට බර්ගර් කඩයක් කරගෙන යනවා. මේ ගැන සමාජ මාධ්‍ය තුළ පසු ගිය දා වැඩිපුර කතා බහට ලක් වුණා. සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ මේ ව්‍යාපාරය ගැන වයිරල් වුණා. ඉතින් තාත්තටයි දුවටයි මේ හැමදේටම උදව් කරන්නේ අම්මා. ඒ කියන්නේ ආනන්ද අතුකෝරලගේ ආදරණීය බිරිද විසින්. මේ ආදර කතාව මුණ ගැහුණු විදිය ගැන ආනන්ද අතුකෝරල අදහස් දැක් වූයේ මේ විදියටයි.
” මම ඒ කාලේ ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් තිබුණෙ නෑ. මට එයාව මුණ ගැහුණේ එයාට වයස අවුරුදු 14 දි. ඒ දවස් වල එයාගේ අතේ ප්‍රශ්නයක් නිසා තෙල් බෙහෙත් බැන්දා. ඉතින් එයාට ලියන්න බැරි නිසා නෙල්ක කියලා යාලුවෙක් ලියුම් වලට උත්තර එහෙම ලිව්වේ. කොහොමහරි අවසානේ අපි ආදරේ කරලා 1984 දි විවාහ වුණා. මුලින්ම රස්සාව හම්බවුණේ කච්චේරියේ.”

මේ විදියටයි ආනන්ද අතුකෝරල ප්‍රවීන රංගන ශිල්පියා අදහස් දක්වලා තිබුණේ.