Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම උසස් පෙළට කලේ විද්‍යා අංශයෙන්, ගෙදර අයට ඕන වුනේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න

අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න චරිතාංග රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. ඔහු මේ වන විට අපිට පුංචි තිරය හරහා නිතරම දැක බලා ගන්න පුලුවන්. ඉතින් හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේත් ආනන්ද අතුකෝරලයන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ඔහුගේ එකම දියනියන් ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්. ආනන්ද අතුකෝරල ප්‍රවීන රංගන ශිල්පියාගේ දියනිය හා එක්ව මුලු පවුලම ව්‍යාපාරයක් ආරම්භ කලා. ඒ ආනා ඊට්ස් යන නමින් බර්ගර්ස් කඩයක්. මේ ගැන මාධ්‍ය වැඩිපුර කතා කරන්නට වුණා.

ඉතින් ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරල රංගන ශිල්පියා කලා ශිල්පියෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඔහු ඒ ගැන එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ඉගෙන ගත්තේ උසස් පෙළ විද්‍යා විෂයන්. ඒ අපෙ අම්මලාට ඕන වුණේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. නමුත් මගේ ඇගේ කලාව තියෙන නිසා මම නාට්‍යය බලන්න ආස කලා. ඒ වගේම චිත්‍රපට බැලුවා. ගාමිණි ෆොන්සේකාගේ රගපෑමට වශී වුනා. මම ඉස්සර හරිම ලැජ්ජාශීලී කෙනෙක්. නමුත් කලාවට ලැදි නිසා කොහොමහරි මම කලා ක්ශේෂ්ත්‍රයට ආවා.”

මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද අතුකෝරල ඔහුගේ ළමා කාලය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *