ඉදිරියේදී හොද කලා කටයුතු වලින් තාත්තව දැක ගන්න ලැබෙයි, එයාට දැන් සුවයි
වේදිකාව, සිනමාව, පුංචි තිරය කියන මේ හැම අංශයකම දක්ෂතා දක්වන ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. ඔහු රංගනයෙන් දායක වුනු ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කුකුලා මුදලාලි විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත ඔහු ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට අපි අතරට එනවා.

ඉතින් ගිරිරාජ් ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය දියනියන් දෙදෙනාගෙන් එක් දියණියක් තමයි අමන්ද්‍යා උත්පලී කියන්නේ. ඇයත් කලා ක්ශේෂ්ත්‍රය තුල ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගෙන තිබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් අමන්ද්‍යා ඇගේ පියා රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුණා.
ඇය පසුගියදා ඇගේ ගීතයක් එළි දක්වලා තිබුණා. එය ජන ආරයට හැදුනු ගීතයක්. ඉතින් මෙම ගීතය සදහා අමන්ද්‍යාට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොද ප්‍රතිචාර ලැබෙනවා කියලයි අමන්ද්‍යා කියලා තිබුණේ. ඉතින් පසු ගියදා අසනීප වෙලා හිටිය ඇගේ පියා ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය අසනීප තත්වයෙන් පසු වුනා.

මේ ගැන ඔහුට ආදරය කරන හැමෝගෙම දුකට හේතුවක් වුනා. ඉතින් ගිරිරාජ් කෞශල්‍යගේ දුව අමන්ද්‍යා පියා ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මගේ පියාගේ අසනීපය නිසා පසු ගිය කාලයේ දුෂ්කර ජීවිතයක් ගත කලේ. මේ වන විටනම් තාත්තා හොද සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා. ඉදිරියේදී හොඳ කලා කටයුතුවලින් ඔහුව දැකගන්න ලැබෙයි.”