මම උදේ 5.30 ට නැගිටිනකොට එමී උයන කෑමවල සුවද ඕනමයි, එයාගේ කෑම නැති වුනොත් දවසම ඉවරයි
සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබන කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. ඇන්තනී පවුලේ නායකයා තමයි මහා රංගධර ජැක්සන් ඇන්තනී කියන්නේ. හදිසි අනතුරක් නිසා තවම රෝහල් ගත කරලා සිටින එතුමාට ප්‍රේක්ෂකයන්ගේ නොමද ආශිර්වාදය ලැබෙනවා.
ඉතින් ඇන්තනී පවුලේ දෙවැනි පුතා තමයි අකිල ධනුද්ධර කියන්නේ. අකිලව මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඒ ‘හීනයකි මේ ආදරේ’ ටෙලිනාට්‍යයේ ශලනි තාරකා සමගින් රංගනය කරනවා. ඉතින් විනිසුරුවරියක්, නිවේදිකයෙක්, රංගන ශිල්පියෙක් විදියට කොයි කවුරුත් ආදරය කරන අකිල මේ වන විට ආදරණීය පියෙක්.

ඇන්තනී පවුලට අලුතින් එකතුවුණු ඇය ඇමෙන්ඩා ඇන්තනී. අකිල තම බිරිද සමගින් ආදරයෙන් ජීවත් වෙනවා. ඉතින් අකිලගේ කැදැල්ලේ සතුට තව තවත් වැඩි කරන්නට ආව ඇය තමයි ආරණ්‍යා. ඉතින් අකිලගේ සුන්දර කැදැල්ලේ ආදරණීය තතු මේ විදියටයි ඔහු එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මගේ බිරිදට කවුරුත් ආදරේට කියන්නේ එමී කියලා. එයා මගේ සෙකට්‍රී. කාලයක් දැන හදුනගෙන හිටපු නිසා කසාද බැන්දම ලොකු පහසුවක් වුණා. එයාට අමුතුවෙන් අපේ පවුලට හැඩ ගැහෙන්න වුවමානවක් වුණේ නෑ. මාව තේරුම් අරන් හරි ආදරෙන් පවුල් ජීවිතේ ගත කරනවා. හැමදාම උදේ 5.30ට මම නැගිටිද්දී එයා උයන කෑම වල සුවද මට දැනෙන්න ඕනමයි. එමී උයන කෑමක් කන්න බැරි වුණොත් දවසම ඉවරයි.”

මේ විදියට තමයි අකිල ධනුද්ධර සුන්දර කැදැල්ල ගැන අදහස් දක්වලා තිබුණේ.