Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම තට්ටෙ ගෑවේ සංගීත ප්‍රසංග වලට ගිහින් රෑ නාන්න බැරි නිසා – ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණ

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා විදියට අපි කවුරුත් හදුනන ඔහු තමයි ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ. ඔහු ගායනා කල ගීත මීට වසර ගණනාවක් වුණත් තවමත් ඒ ගීතයන් වලට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. මුල් කාලෙදි සංගීත වාද්‍ය ශිල්පියෙක් විදියටත් ඉන අනතුරුව සංගීත කණ්ඩායමක් නායකයා විදියටත් ඔහුව ගොඩක් දෙනා දැක්කා.

අද වන විට අජිත් මුතුකුමාරණ ආදරණීය ගායකයා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කෙනෙක්. ඔහු ගායනා කල ගීත අතර සුදු අරලියා මල, පෙති ගිලිහී ගිය, මා පැළදුව ඔය,ගමේ ඉස්කෝලේ, රහසක් කියයි ඈ වැනි ගීත ගණනාවක්ම ගායනා කලා. මේ ගීත වලට ගොඩක් දෙනා තවමත් ආදරෙයි. ඉතින් ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණට ‘බස් අජිත්’ කියා නමක්ද පට බැදුනේ ඔහුගේ ගීත බස් වල ඇසුනු නිසා.

ඒ කොහොම වුණත් අජිත් මුතුකුමාරණ මීට වසර ගණනාවකට පෙර ජනප්‍රිය ගායන ශිල්පියෙක් විදියට අපි හදුනා ගත්ත අජිත් මුතුකුමාරණට අනන්‍ය වූ කොන්ඩ විලාසිතාවක් තියෙනවා. ඒක හැදුනු විදිය ගැන ඔහු එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම හිතලා විලාසිතාවක් කලේ නෑ. ප්‍රසංග වලට ගිහිල්ලා පිට්ටනිවල දූවිල්ල වැදුනම ගෙදර ඇවිත් නාන්න ඕන. ඉතින් ඒ වැඩේ අමාරු නිසා මම හිතුවා කොන්ඩෙ කපන්න ඕන කියලා. එකපාරම කැපුවෙ නෑ. ටිකෙන් ටික අඩු කරලා ඊට පස්සේ හොදටම තට්ටෙ ගෑවේ, සංගීත්, රොනී අයියලත් තට්ටෙ ගාලා ඉන්නේ. ඒක විලාසිතාවක් වුණා. මට අයිකන් එකක් හැදුනා. ඒක මට හරිම පහසුයි.”

මේ විදියටයි අජිත් මුතුකුමාරණ ආදරණීය ගායන ශිල්පියා අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *