ඒ කාලේ සුදු අරලියා මල කැසට් එක ගෑණු ළමයි ගනිද්දි 2ක් අරන් එකක් පරිස්සමට තියා ගත්තා
ගායන ශිල්පියෙක් විදියට කාලයක් ආදරණීය රසිකයින්ගේ ආදරය නොමදව ලබා ගත්ත ජනප්‍රිය ගායකයෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ. ඔහුගේ ගීත වලට පෙම් බැදි තරුණියන් ඒ කාලයේ ඔහුගේ ගීත නිතරම මුමුණන්නට වුණා. ඉතින් අජිත් මුතුකුමාරණගේ ගීත මගීන් ගමන් කරන බස් රථවල පවා ඇහෙන්න පටන් ගැනීමත් එක්ක ඔහුට බස් අජිත් කියලා නම් පට බැදෙන්නට වුණා.
ඉතින් හවස පන්තියට, වෙහෙර ගේන විහාරයේ, හරි ලස්සන කවි කියන්න, මා පැලදුව ඔය මංගල මුදුව, මගේ නංගිගේ, පාසල් බිමේ හමු වූ, ඇයි ඔබ ඔහුටත්, බුදු පුතෙක්, ආදරයක කදුළු වැනි ඔහුගේ කැසට් පට රසිකයින් අතර ඉතා ඉහල ලෙස ජනප්‍රියත්වයට පත් වුණා.

ඉතින් කාලයක් තරුණියන් පිස්සු වැටුණු ඒ හඩෙහි හිමිකාරයා අජිත් මුතුකුමාරණගේ විලාසිතාවන්ද නොයෙක් දෙනා අනුකරණය කරන්නට වුණා. ඔහු තට්ටය ගාලා තියෙන්නේ රාත්‍රී සංගීත ප්‍රසංග වලට සහභාගි වෙලා නාන්න සිදු වන නිසා එය ලේසි වෙන්න තමයි ඔහු මේ විදියට කොන්ඩ විලාසිතාව කරගෙන තියෙන්නේ. ඉතින් අජිත් මුතුකුමාරණට ඉස්සර ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනයි මේ විදියට එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” සුදු අරලියා මල කැසට් එක ලක්ෂ හතක් විකුණුනා. ඒක රෙකෝඩ් එකක්. අන්තිමට අපිට කැසට් ගහගන්න බැරි වුණා. මැෂින් හිර වුනා. කැසට් ඉල්ලලා මිනිස්සු ගහගන්න මට්ටමට ආවා. පීස් එන්න කලින් මිනිස්සු කඩවල් වලට සල්ලි දීලා තිබුණා. ඒ කාලේ සුදු අරලියා මල ගෑණු ළමයි කැසට් ගන්නකොට දෙකක් ගන්නවලු. එකක් සිංදු අහන්න. අනික ළග තියා ගන්න.”

මේ විදියටයි අජිත් මුතුකුමාරණ ගායන ශිල්පියා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.