Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

තවම පෙම්වතියක් නෙමෙයි, මට පෙම්වතාගේ අවධානය ඕන නිසා එයාට මල ඇණයක් වෙයි – ජනප්‍රිය රංගන ශිල්පිනී අගසි දෙව්නි

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන ඇය අගසි දෙව්නි. අගසිව මේ දිනවල දැක ගන්න පුලුවන් වෙන්නේ සිරස නාලිකාව හරහා විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘හිත ලග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ කිරුළිගේ හොදම යාලුවා විදියටයි. ටිකක් සැර නපුරු චරිතයකට රංගනය කරන අගසි ක්ශේෂ්ත්‍රයට එන්නේ හිරු ඩාන්සින් ස්ටාර් හරහා. 2017 අවුරුද්දේ වෙළද දැන්වීම් හරහා ප්‍රේක්ෂක ආදරය ලබපු ඇය මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා.

හිත ළග හිනහුනා ටෙලිනාට්‍යයට ඇයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කසුන් ෆොන්සේකා හරහා. ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එකට මූණ දිලා තමයි ඇය කිරුළිගේ මිතුරිය චානකී වෙන්නේ. ඉතින් අගසි ආදරය දකින විදිය ගැන මේ විදියටයි එක්තරා පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මම නපුරු නැහැ. නමුත් ඉක්මනට ඉරිසියා හිතෙනවා. මට ඇටෙන්ෂන් එක ඕන. එහෙම අති වුනාම නපුරු හිතෙන්නේ. ආදරය සුන්දරයි. ඒත් තවම පෙම්වතියක් නෙමෙයි. මට ඕන මට ඇටෙන්ෂන් එක ලබා දෙන කෙනෙක්. මාව ඇණයක් වෙයිනෙ එහෙම වුණොත්.”

මේ විදියටයි හිතළග හිනැහුනා ටෙලිනාට්‍යයේ කිරුළිගේ මිතුරිය චානකී අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *