ඉස්සර ඉස්කෝලෙට බෝනික්කො ගේන්න කිව්වම අනිත් ළමයි හොද ඒවා ගෙනියනකොට මම ගෙනිච්චෙ සෝමපාල බෝනික්කා
ගායිකාවක්, ආයුර්වේද වෛද්‍යවරියක්, කථිකාචාර්යවරියක්, නිවේදිකාවක්, විනිසුරුවරියක්, මවක් කියන මේ හැම අංශයකම ඉතාම පරිපූර්ණ කෙනෙක් වන ඇය අභිෂේකා විමලවීර. මේ වන විට අභිෂේකා ගයන ගීත අතර මතක, සබැදිනි,නිස්සාර, වැනි ගීත හළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා.
ඉතින් අභිෂේකා විමලවීර අපි ආදරය කරන ඇගේ පියා ප්‍රවීන ගීත රචකයෙක්. ඉතින් කලා හැකියාව උපතින්ම ලබා ගත්ත අභිෂේකා මුලින්ම ලහිරු මඩල වැඩ සටහනේ නිවේදනය සදහායි ඉදිරිපත් වෙන්නේ. ඉන් අනතුරුව ගායිකාවක් විදියට මේ වන විට රසික ආදරය ලබමින් සිටින්නේ.

ඉතින් ඇය ගැන වැඩිපුර පසුගිය කාලයේදී කතා කරන්නට වුණේ ඇය වොයිස් වේදිකාවේ විනිසුරු වරියක් විදියටත් වැඩ කිරීම නිසා. ඉතින් අභිෂේකා මේ වන විට කුමන වෘත්තීයක නියැලුනත් ආදරණීය මවක්. ඇගේ ළමා කාලයේදී ඇය මුහුණ දුන්න දුක්බර සිදුවීමක් ගැන අභිෂේකා මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” ඉස්සර මම ඉල්ලන හැමදේම ලබා දෙන්න පුලුවන් පරිසරයක් අපේ ගෙදරට තිබුණෙ නෑ. ඒ නිසා අපි ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි ජීවත් වුණේ. අපේ තාත්තට තිබුණු දේශපාලනික පලිගැනීම් එක්ක තමයි අපි කොළඹට එන්නේ. කොහොම හරි ඉස්සර ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ටීච අපි ගෙදර සෙල්ලම් කරන බෝනික්කො ඉස්කෝලෙට ගේන්න කිව්වම අනිත් ළමයි ප්ලාස්ටික් වලින් හදපු බාබිඩෝල් බෝනික්කො ගේනකොට මම ගෙනිච්චෙ රෙදිවලින් හදපු සෝමපාල බෝනික්කා.”

ඉතින් මේ විදියටයි ජනප්‍රිය ගායිකා අභිෂේකා ඇගේ අතීතය ළමා කාලය ගැන කියලා තිබුණේ.