Celebrity Gossip

කෘතිම පස්සක් දාලා එදා අමාරුවේ වැටුනා ආයෙ නම් මං පස්සවල් දැම්මේ නැහැ – යුරේනි නොෂිකා

Yureni noshka කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින වෙනම බ්‍රෑන්ඩ් එකක්. නිරූපිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් අපට ඇයව දැක ගන්නට පුලුවන් වෙනවා. තරුණයන්ගේ මහත් ආකර්ෂණයට සහ ආදරයට නතු වූ ඇය ඉතාමත්ම විවෘත ව කතා කරන ආදරණීය චරිතයක් වෙනවා. ඒ නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇයට ප්‍රිය කරන්නේ.

නමුත් සමහර තැන්වලදී ඇය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට මතුවන අවස්ථා තියෙනවා. ඒ බොහොමයක් සිදුවන්නේ ඇයගේ ඇඳුම් විලාසිතා නිසායි. නව පන්නයේ ඇඳුම් මෝස්තර වලට වඩාත් ප්‍රියතාවක් දක්වන ඇය දවසින් දවස එම විලාසිතාවන් අත්හදා බලනවා. ඒවායින් photoshoot පවා සමාජ ජාල තුලට මුදාහරිනවා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් විසින් ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියලා විස්වාස කරනවද යනුවෙන් ඇසූ පැනයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” කොහෙත් ම නැහැ .අඟපසඟ වැහෙන්න අඳින කෙනෙක් සුදු චරිතයක් ලෙසටත් ඇඟ ඇරලා කොටට අඳින කෙනෙක් කළු චරිතයක් විදිහටත් අපිට හංවඩු ගහන්න බැහැ. මොකද ඒ ඇඳුම් සියල්ල ඔවුන්ගේ කැමැත්ත අනුව තොරාගන්නා දේවල්. තවත් දෙයක් තමයි අපි ඇඳුමක් ඇඳලා හැසිරෙන විදිහත් බලපානවා. අපි අපිට ගැලපෙන විලාසිතා කරනවා නං කාගෙත් වත් කමෙන්ට් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ “

ඒ වගේම තමයි ඇයට විලාසිතා කරණයේදී සිදු වූ අකරතැබ්බ පිළිබඳව ඇය පැවසුවේ මෙවන් දෙයක්.

” සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,සාරි කඩන් වැටෙන එවානම් නිතරම වගේ වෙනවා. තවත් අමතක නොවෙන සිදුවීමක් තමයි ඉන්දියාවේ මගේ හොඳම මිතුරියගේ උත්සවයකට සහභාගි වුණු වෙලාවෙදි මම එදා සැරසුන විලාසිතාවට නව හැඩය ක් ගන්න ‘ කෘතිම පස්සක් ‘ ඇඳලා පුංචි අමාරුවක වැටුණා. ඒදායින් පස්සෙ නම් මම පස්සවල් දැම්මේ නැහැ. ඒ තරමට එදා ලැජ්ජ වුණා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.