Celebrity Gossip

මේ කාන්තාව සහ මා අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති බව තරයේ සඳහන් කළ යුතුයි – යුරේනි නොෂිකා

කලා ලොව තුල සිටින ඉතාමත්ම ආකර්ෂණීය සහ ප්‍රියමනාප සුන්දර යුවතියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඇයටම ආවේනික වූ කතාබහටත් හැසිරීම් රටාව ටත් බොහෝ ප්‍රිය කරන රසික රසිකාවියන් ඇයට දක්වන්නෙ මහත් වූ ආදරයක්. කියන්නට තියෙන දේ කෙළින්ම කියන ආකාරයේ යුවතියක් වන ඇය විලාසිතාකරණය සඳහා බෙහෙවින් ප්‍රිය තැනැත්තියක් බව නම් කියන්නම ඕනි. ඒ මන්ද යත් ඇය එකතු වන බොහෝ මාධ්‍ය සාකච්ඡා වල දී ඇය පවසා සිටින්නේ කෙතරම් වයසට ගියත් ඇය විලාසිතා කරන එක නවත්තන්නේ නැහැ කියලා. කලින් කලට අලුත් වන සෑම විලාසිතාවක් සඳහාම යොමුවන ඇය කුඩා කාලයේදී නම් ගත කළේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. ඇය දිනක් ඇය ගේ ළමා කාලය ගත වූ හැටි පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඉතාම සංවේදී වෙමින් පවසා සිටියා.

ඉතින් අද අපි කතා කථා කරන්න හිතුවේ ඇය හදිසියේම සිය මුහුණු පොත තුල තැබූ එක්තරා ආන්දෝලනාත්මක සටහනක් නිසයි. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා මේ දවස් වල සමාජ මාධ්‍ය ජාලා තුළත් අනෙකුත් මාධ්‍ය ජාලා තුලත් කතාබහට ලක්වන චරිතයක් තමයි තිළිනි ප්‍රියමාලි කියන චරිතය. විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාර වල මුදල් තැන්පත් කර ඒ ඔස්සේ කෝටි ගාණක මුදලක් වංච කල ඇය මේ වන විට සිටින්නේ නීතිමය ක්‍රියාමාර්ග යටතේයි. ඉතින් පසුගිය දිනවල ඇය සහ යුරේනි නොෂිකාව ඈඳා ගෙන කට කතාවක් පැතිර යමින් තිබුණා. ඉතින් ඒ ගැන යුරේනි මුහුණු පොතේ මෙවන් සටහනක් පළ කරලා තිබුණා.

” මගෙ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මම ද හවුල් වූ බවට කියැවෙන whatsapp පණිවිඩයක් මේ දිනවල සංසරණය වෙයි. මේ සඳහන් කරන කාරණය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මේ කාන්තාව සහ මා අතර කිසිදු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකරයක සම්බන්ධයක් නැති බවත් තරයේ සඳහන් කළ යුතුය. පෞද්ගලිකවම මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදා ගෙන සිදුකරන මේ සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලු දෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවත් මෙහිදී කිව යුතුය “

ඉතින් මේ විදියට සදහන් කරන ඇයගේ මෙම ගැටළුව විසඳා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.