Celebrity Gossip

පොළොවේ පය ගහලා ඇවිදින්න පුළුවන් කෙනෙක් හමු වුණොත් මම මගේ තීරණය වෙනස් කරනවා – යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා කිව්වම කව්ද නොදන්නෙ. ඒ තරමටම නව පරම්පරාවත් සමග හරි හරියට ගනුදෙනු කරන අපූරු ආදරණීය දඟකාර චරිතයක් තමයි ඇය. ඇයටම ආවේනික වූ කතා විලාශයත් හැසිරීම් රටාවත් විලාසිතාත් නිසා වර්තමාන සමාජය තුළ කැපී පෙනෙන යුවතියක් බවට පත්වීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. නර්තනය රංගනය මෙන්ම ගීත ගායනයට ද එක ලෙසම දස්කම් පාන ඇය සිනමා නිර්මාණයන් ඔස්සේත් අපට දැකබලා ගන්නට පුළුවන්. නිනෝ ලයිව් සිනමාපටය ඔස්සේ කරළියට පැමිණි ඇය මේ දින වලදී කසුන් පතිරණගේ කුලුදුල් සිනමාපටය වන නයිට් රයිඩර්හි ප්‍රධාන නිළි භූමිකාව රඟ දක්වනු ලබනවා. මේ දවස් වල අතිශය ජනාදරයට පාත්‍ර වෙමින් සිනමාහල්වල මෙම චිත්‍රපටය විකාශනය වන අතර ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය ද හිමි වී තිබෙනවා. ඉතින් අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවා. ඇය එක් වූ එක්තරා මාද්‍ය සාකච්ඡාවක දී ඇයගේ කලා තොරතුරු පිළිබඳව රසිකයා දැනුවත් කරනු ලැබුවා. මාධ්‍යවේදියා විසින් ඇයගේ තනිකඩ දිවිය පිළිබඳව සහ ඇයගේ අදහස් පිළිබඳව විමසා සිටි අතර එහිදී ඇය දැරුවේ මේ වගේ අදහසක්.

“අපේ සියලූ‍ දෙනාම සම්ප‍්‍රදායික විදියට හිතන්න පටන් අරන් තියෙන්නේ. හණ මිටි අදහස් නිසා සමහර අයට සමාජයේ ජීවත් වෙන්න බැරි තරම් ප‍්‍රශ්න තියෙනවා. ඒ සියලූ‍ දෙනාම හිතන්නේ බැඳලා දරුවෝ හදලා දරුවන්ගේ වැඩ ටික කරගෙන ගෘහණියක් වෙන එක තමයි හොඳම දේ කියලා. මම නම් එකට තදින්ම විරුද්ධයි. අද ලෝකයේ භාගෙට භාගයක් ස්ත‍්‍රීන් තමයි පාලනය කරන්නේ. ඇතැම් රටවල කාන්තාවෝ ජනාධිපතිවරියන් වෙලා ඒ ඒ රටවල් පාලනය කරනවා. මගේ ජීවිතය හදාගත්ත පිළිවෙළක් තියෙනවා. ඒ විදිහට තමයි, මගේ ජීවිතේ නම් මම ගොඩනඟාගෙන යන්නේ.”

ඒ වගේම ඇය පවසන විදිහට තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න එක තමයිලු කලා ලෝකය තුළ කළ යුත්තේ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩ කටයුතු කර ගත්තොත් ඉදිරි අනාගතය ඵලදායීව ගත කළ හැකි බවත් ඇය පවසා සිටිනවා. ඒ වගේම තමයි කලාව හූරාගෙන කෑම පිළිබඳව ඇය දරන්නේ ඉතාමත්ම විරුද්ධවාදී මතයක්. ඇය පවසන්නේ කලාව හූරාගෙන කෑමට කිසිලෙසකත් කලාවට පිවිසෙන්න එපා කියලයි. ඒ වගේම කලාවට පිවිසීමට සිටින නවක කලාකරුවන්ට ඇය මේ වගේ උපදෙසකුත් දෙනවා.

“කලාවට එන්න ඉන්න සියලූ‍ දෙනාටම මම කියන්නේ දැනගෙන ආවොත් ගමන යා හැකියි. නොදැනගෙන ආවොත් ගමන කෙටි කියන එකයි. ආවා ගියා කියන සංකල්පයෙන් බැහැර වෙලා, තමන්ගේ නම ක්ෂේත‍්‍රය තුළ සනිටුහන් කිරීම තමයි වැදගත් වන්නේ.”

ඒ වගේම මාධ්‍යවේදියා ඇගෙන් ආදරය සහ විවාහය පිළිබඳව විමසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

“මම ආදරේට ආදරේ හොදට කරලා තියනවා. මගේ ජීවිතයේ වෙනස් වෙන්න ඕන කාලයයි මේක කියලා මට හිතුණොත් මාව තේරුම් ගන්න, මාව රැක බලා ගන්න පුළුවන්, මට ආදරේ කරන්න පුළුවන්, නිදහස්ව හිතන්න පුළුවන්, පොළොවේ පය ගහලා ඇවිදින්න පුළුවන් කෙනෙක් හමු වුණොත් මම මගේ තීරණය වෙනස් කරනවා”

මේ කරුණුත් සමග බොහෝ දේවල් ඇය එම මාධ්‍ය සාකච්ඡාව තුළ දී කියලා තිබුණා. ඉතින් කවුරුත් ආදරය කරන මෙම ආදරණීය කලා කාරිණියගේ සියලුම වැඩ කටයුතු එලෙසින්ම සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා…