Celebrity Gossip

අවුරුදු දාහතෙන් තිරයට ආපු රටම හොල්ල පුංචි කෙල්ල ටාෂායා

පුංචි කාලෙ ඉදන් තිබුනු ගුවන් සේවිකාවක් වෙන හීනයට තිත තියල රංගනයට ආපු කෙනෙක් තමයි ටාෂියා කාලිදාස කියන්නෙ.අැයව අපට මුලින්ම දකින්න ලැබුනෙ සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කරපු ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයේයි.

” මම මුලින්ම රගපෑවෙ සුජීව ප්‍රියලාල් අය්යා අධ්‍යක්ෂණය කල ඉන්ටර්නැෂනල් නාට්‍යයේ මීනුගෙ චරිතය.මගේ අම්මලෙ යාළුවෙක් මාර්ගයෙන් තමයි ඒ චරිතය ලැබුනෙ.පස්සෙ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරපු දාම් නාට්‍යයේ රගපෑවෙ ශෙනායාගෙ චරිතය”

අත්දැකීම් කියන්නෙම රංගන ශිල්පිනියක් දිනෙන් දින ඉහලට යන්න ලැබෙන තෝතැන්න වෙනව.ඉතින් එහෙම ඉදිරියට ආපු ඇය අපිට නැවත දකින්න ලැබෙන්නෙ චලෝ නාට්‍යය හරහායි.

” සුජීව අයිය වගේම දුලීකා අක්කා දුන්නු ගුරුහරුකමි නිසාම රංගනය ටිකක් ලේසි වෙනව.නමුත් කැපවීම් කරන්නම වෙනව.මට ඒ නාට්‍යය නාට්‍ය පාසැලක් වගේ.

ඇය කියන විදියට දාම් නාට්‍යයේදී තරින්දු ප්‍රනාන්දු පවාතමන්ගෙ චරිතය කරද්දි ලොකු සහයක් ලබා දීලා තියෙනව.මෙි නාට්‍ය දෙකම ප්‍රවීනයන් වැඩ කරපු නිසා ටාෂියා ගොඩක් ආසාවෙන් ඉන්නෙ එහෙම නාට්‍යවල වැඩ කරන්න.

” මට තාම අවුරුදු දාහතක් නිසා තවම ආදර අත්දැකීම් නම් ලැබිල නෑ.විසල්ගෙ චරිතය රගපාන ඉෂාන් අයියගෙන්නම් ලොකු සහයක් මට ලැබුනා.එයා හරිම මිත්‍රශීලියි.අපි දෙන්නා කතාවෙල දෙබස් පුහුණුවෙලා තමයි රගපාන්න ගියේ.ඇත්තටම පෙම්වතියක් විදියට රගපාන්න ලොකු සහයක් ලැබුනා.”

අධ්‍යාපන කටයුතු මගහැර ගන්නෙ නැතිව වැඩ කරන්න තමන් උත්සුක වෙන බවයි ඇය පවසන්නේ.කොහොමවුනත් දෙමව්පියන්ගෙන් වචනය අහල ඒ විදියට වැඩ කලොත් කලා ක්ෂෙත්‍රයේ කිසිම ගැටලුවක් නැති බව ඇය පවසනවා.

” අපි හොදින් යාළුවො වගේ ඉන්නව නම් කවුරුත් අපිට උදව් කරනව.තරුණියන්ට වැරදෙන්නෙ ඉන්න විදිය හින්ද කියලයි මම හිතන්නෙ.

ගුවන් සේවිකාවක් වෙන හීනය හින්ද රගපෑම මොහොතකට හරි නතර කරන්න වුනත් රංගනය තමන් කවදාවත් අතහරින්නේ නැති බව පවසනවා.