Celebrity Gossip

ගැහැණියක් වෙලත් තව ගැහැණියකට ඊර්ෂ්‍යා කරන්න එපා යශෝධා මේ චෝදනා කරන්නේ කාටද

කලා ලොව තුල සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියලා කියන්නේ. ඉතාමත් තාත්වික අභිනයන් ඔස්සේ සිය හැඟුම් ප්‍රකාශ කරන ඇය ඒ නිසාම නිරන්තර රසික ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතාම සුන්දර රුවකට හිමිකම් කියන ඇය බොහෝ සිනමා නිර්මාණ තුළ මෙන්ම ටෙලි නිර්මාණ තුළත් වේදිකා නාට්‍ය නිර්මාණ තුළත් සිය රංගන හැකියාව විදහා දැක්වූවා. 1990 වර්ෂයේදී තිරගත වූ ගුරු ගෙදර සිනමා නිර්මාණය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වූ ඇය මෙරට සිටින දීර්ඝතම ටෙලිනාට්‍ය නිළිය බවටත් පත් වනවා.

ඉතින් ඇයගේ පෙනුමත් කතාබහත් නිසාම බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය ලෙසයි. 1970 ඔක්තෝම්බර් මස 28 වන දින උපත ලද ඇය නිරූපිකාවක් ලෙසත් වැඩසටහ න් ඉදිරිපත් කරන්නියක් ලෙසත් අපට හඳුනාගන්නට පුළුවන්. මිලාගිරි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය සරසවි සම්මාන උළෙලේ සම්මානයන් දිනා ගැනීමට පවා සමත් වුණා. ඉතිං යශෝධා විමලධර්ම කියලා කියන්නේ තවමත් විවාහ ජීවිතයට ඇතුළත් වී නොමැති කාන්තාවක්. වසර ගණනාවක් මුළුල්ලේ සිට තනිකඩ දිවියක් ගත කරන ඇය නිරන්තරයෙන්ම සිය මුහුණු පොත ඔස්සේ විවිධාකාරයේ සටහන් පළ කරනු ලබනවා. ඉතින් ඊයේ දිනයේ දීත් ඇය එවැනි ම වූ සටහනක් පළ කර තිබූ අතර එයට බොහෝ රසික රසිකාවියන්ගෙන් නොයෙක් ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුනා. ඇය සටහන් කරලා තිබුණේ මෙවන් දෙයක්.

” ගැහැනියක් වෙන්න තවත් ගැහැනියකට ඊර්ෂ්‍යා නොකරන තවත් ගැහැනියකගේ සතුටක දී හදවතින්ම සතුටු වෙන ලස්සන සිහින දකින්නට කැමැති වෙන සාර්ථකත්වයට කැමති වෙන පරාර්තකාමී ආදරණීය සොඳුරු ගැහැනියක් වෙන්න ” මෙන්න මේ වගේ දෙයක් තමයි ඇය සී මුහුණ පොතේ cover page එක විදිහට යොදාගෙන තිබුණේ. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.