Celebrity Gossip

දිනිති වගේ කෙනෙක් ලැබුණොත් ඔහුට ලොකු ශක්තියක්. ඇය මට මගෙම දියණියක් වගේ – සංගීත් සතරසිංහගෙ මව

සංගීත් සතරසිංහ කියනවාටත් වඩා ඔහුව මේ දවස්වල බොහෝ දෙනෙක් අමතන්නේ ඩේමියන් කියන නමෙන්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දවස් වල අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍ය තුළ ඔහු රඟ දක්වන ඩේමියන් කියන චරිතය නිසා. නානායක්කාර සමඟ කූඨ උපක්‍රම යොදමින් අහංකාර ලෙස රඟ දක්වන්නට තිබෙන එම චරිතය ඔහු ඉතාමත්ම තාත්වික ව රඟපානු ලබනවා. ඒ නිසාම තමයි එම චරිතය ප්‍රේක්ෂකයන්ට එතරම්ම සමීප වී තිබෙන්නේ. ඉතින් සංගීත් සතරසිංහ කියලා කියන්නේ කලා ලොවේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් , තිරපිටපත් රචකයෙක් , අධ්‍යක්ෂක වරයෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් වන සුරන් සතරසිංහ මහතාගේ එකම පුත්‍රයායි.

ඉතිං සංගීත් සතරසිංහ මේ වනකොට රංගනයට අමතරව සංගීත් vlogs යනුවෙන් youtube චැනලයක් ද පවත්වාගෙන යනවා. ඉතින් එහිදී ඇයගේ ආදරණීය මව උයන පිහන රස කෑම වර්ග පිළිබඳවත් ඔවුන්ගේ පවුල විවිධ විනෝද චාරිකා ගොස් විනෝද වන ආකාරය පිළිබඳවත් පවුලේ සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ වත් ඔහු එහිදී විස්තර කරනු ලබනවා. ඉතින් ඒ ගැන ඔහු එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී කියා සිටියේ මේ විදියට.

“ඇත්තටම මේ ගොඩක් අය හිතනව වගේ කුකින් චැනල් එකක් නම් නෙවේ. ඒත් මගේ වපසරිය ඇතුළේ මට කළ හැකි මගේ ආදරණීයයන්ට පෙන්වන්න පුලුවන් දැනුම, විනෝදය හැම දෙයක්ම මම පෙන්වන්න උත්සාහ කරනවා. ගොඩක් අය රහට කෑම හදලා කන්න කැමතියි. අපේ අම්මිට රසට උයන්න පුලුවන්. මට ඒක අනිත් අය එක්ක බෙදා ගන්න ඕන වුණා. අම්මි හදපු චිකන් කරිය තමයි මුල්ම කුකින් වීඩියෝ එක. ඒක සෑහෙන්න දෙනෙක් බලලා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා අම්මි එක්ක ඒවා කරන ගමන් පිටතදී වෙනත් වීඩියෝ කරන්න මම වග බලා ගන්නවා. “

මේ විදිහට අදහස් දක්වන ඔහු දිනිති වල්ගමගේ කියන රංගන ශිල්පිනිය සමග පෙම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවට බොහෝ දෙනා කියන කාරණයක්. නමුත් ඉතින් ඔවුන් දෙදෙනා නම් තවම ඒ ගැන හරිහැටි තොරතුරක් මාධ්‍යයට පවසල නැහැ. ඉතිං දිනිති ගැන සංගීත්ගේ අම්මා දරන්නේ මේ වගේ මතයක්.

“ දිනිති කියන්නේ ඇත්තටම හරිම ආදරණීය දරුවෙක්. හොඳ දෙමව්පියන් යටතේ හැදුණු අයුක්තිය වෙනුවෙන් කතා කතා කරන ඕනෑම දෙයක් තේරුම් ගන්න පුළුවන් නිහතමානි දරුවෙක්. ඇය වගේ කෙනෙක් පිරිමියෙකුට ලැබෙනවා කියන්නේ ඒක ඔහුට එය ලොකු ශක්තියක් ඇය මට මගේ දියණියක් වගේ.”

ඉතින් මේ විදියට ආදරෙන් සිටින මේ පවුලේ සියලුම වැඩ කටයුතු ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.