Celebrity Gossip

මට වෙනම ඇඩ්මින් කෙනෙක් ඉන්නවා ඇතැම්විට මිනිස්සු දාන ඒවා ඔහු මට කියන්නෙත් නැහැ – දිනිති වල්ගම

දිනිති වල්ගම කියලා කියන්නේ මෑතකාලීනව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චරිතයක්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් ද වනවා. ඉතින් ඇය කියන ආකාරයට ඇය වෘත්තියක් වශයෙන් නෙවෙයි ලු රංගන ක්ෂේත්‍රය තෝරාගෙන තියෙන්නෙ. ඇයගේ ආත්ම තෘප්තිය උදෙසා තමයිලු ඇය රඟපෑම් කටයුතුවල නිරත වෙන්නේ. ඉතින් දිනිතිගෙ තාත්තා නාට්‍ය හා රංග කලා සම්බන්ධව ගුරු උපදේශක වරයෙක් වනව. අවුරුදු පහේදී තමයි ඇය මුලින්ම වේදිකාවක් මත රංගන කටයුතු සිදුකරන්නෙ.

ඉතින් අවුරුදු හතේ දී රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී ප්‍රථම සම්මානය දිනා ගන්න ඇය නාට්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම සම්මාන ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. ඉතින් ඇය කියන ආකාරයට ඇය එතරම් ප්‍රසිද්ධියට කැමැති කෙනෙක් නෙවෙයි ලු. සරල විදිහට ජීවත් වෙන්න කැමති ඇය තමන්ගේ වැඩ කටයුතු සියල්ලම නිසි කළමනාකරණයකින් යුතුව තමයි සිදු කරනු ලබන්නේ. ඉතින් පසුගිය කාල වකවානුව තුළදී රූපවාහිනී වැඩසටහන් තුළ දී සිදුකරන ලද ඇයගේ යම් යම් අදහස් ප්‍රකාශන නිසා සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට නතු වීමට ඇයට සිදු වුණා. ඉතින් ඒ පිළිබඳව එක්තරා මාධ්‍යවේදීන් ඇයගෙන් විමසූවිට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්.

” සමාජ මාධ්‍ය ගැන මම වැඩිය සිතන්නේ නැහැ. මගේ facebook පේජ් එක කරන්න ඇඩ්මින් කෙනෙක් වෙනම සිටිනවා. ඇතැම් වෙලාවට මිනිස්සු දාන කමෙන්ට් ඔහු මට කියන්නෙත් නැහැ. මම සමාජ මාධවල නිතර ගැවසෙන කෙනෙක් නෙවෙයි. කමෙන්ට් හොය හොය ඒවට රිප්ලයි කරනවට වඩා ඒ විනාඩි පහේ කාලය මගේ ජීවිතය සාර්ථක කර ගන්න මට වටිනවා. තවත් කෙනෙක්ගේ හිත රිද්දලා තවත් කෙනෙක්ගෙ පෝස්ට් හදලා ශෙයා කරනවට වඩා ඒ වෙලාවෙත් තමන්ට කියලා දෙයක් කර ගත්ත නම් හොඳයි ඉතින්.

ඔය ගොඩක් කමෙන්ට් දාන්නේ කිසිම දෙයක් නැති මුකුත් කර ගන්න බැරී ගෙදරට වෙලා නිකම් ඉන්න මිනිස්සු. වැදගත් පවුලක වැදගත් විධියට අධ්‍යාපනයක් ලබපු කෙනෙක් තවත් කෙනෙක්ට කවදාවත් ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. මම දෙයක් කරන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මිසක් අනෙක් අය සතුටු කරන්න නෙවෙයි. “

මේ විදිහට තමයි ඇය එහිදී අදහස් දක්වලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.