Celebrity Gossip

කසාදය මට පිටුපාලා තියෙන්නේ. උදේට නැගිටින්න ලොකු වගකීම් ගන්න මට අමාරුයි

රිතූ ආකර්ශා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. පහුගිය දවස් වල හිරු නාළිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වු මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය ලබා දුන් ඇය ඒ ඔස්සේ බොහෝ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකියාව ලැබුණා. මේ දවස් වල නව නිර්මාණ තුළ ඇයව අපට වැඩිය දකින්නට නොලැබුනත් ඇය රංගනය අතහැරලා නැති බව තමයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී පවසලා තිබුණේ. ඒ වගේම රංගන ශිල්පිනියක් ලෙස විතරක් නෙවෙයි වැඩසටහන් නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය කටයුතු කරනවා. හිරු නාළිකාවේ විකාශය වන ජල්ලි ජකිරි වැඩසටහන ඉදිරිපත් කරන්නිය ලෙස වැඩ කටයුතු කරන ඇය පවසා සිටින්නේ එය ඇය ලද වෙනස් වූ හොඳ අත්දැකීමක් බවයි.

ඒ වගේම තමයි මේ වන විට කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් වගේ දිගු කාලයක් ගත වුණත් ඇය රංගන දායකත්වය ලබාදී තිබෙන්නේ නිර්මාණයන් කිහිපයකටයි. ඉතින් ඒ ගැන ඇය දක්වන්නේ මෙවන් අදහසක්.

” කරන්නන් වාලේ කරන වැඩවල නිකන් පේන්න ඉන්න මම කැමැතිත් නැහැ. කල් ගිහින් හරි දැනෙන වැඩක් කළොත් ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණයෙන් මාව කාලයක් යනතුරු මතක හිටිවී. මුදල්ම බලාගෙන වැඩ කරලා ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහෙන්න මම කැමැති නැහැ. මට මාව බලාගන්න ආර්ථික මට්ටමක් තියෙනවා. මම පොඩියට online business එකක් පටන් අරන් තියෙන්නේ. මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් වැඩ කළා. කවදාවත් මට මේ වෙනකල් වැඩ නැති වෙලා නෑ. ගෙදරින් කන්න බොන්න හම්බ‍ෙවනවා. “

ඒ වගේම තමයි ඇය තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ වන විට පෙම්වතියක් නොවන ඇය ආදරය සහ විවාහය ගැන අදහස් දක්වල තිබුනෙ මේ විදියට.

” ඇත්තටම මම කසාදයට පිටපාලා නැහැ. කසාදය මට පිටුපාලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. මොකද ගෙදර අය මාව තවම බලා ගන්නවා. මට උදේට නැගිටින්න ලොකු වගකීම් ගන්න මට ටිකක් අමාරුයි. ඒ නිසා විවාහය ගැන නම් තවම අදහසක් නැහැ. ඇත්තටම මම තවම පෙම්වතියක් නෙමෙයි. පෙම්වතුන් හිටපු කාල තිබ්බා. දැන් එහෙම කෙනෙක් නැහැ. හොඳ කෙනෙක් හම්බුණොත් මමත් කවදාහරි විවාහයක් ගැන හිතයි. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.