Celebrity Gossip

සිය 15වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඕෂධී කළ අපූරු පිංකම

රංගන ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් සනිටුහන් කරන හරි අපූරු රුවැත්තියක් තමයි ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ. ඇයගේ තාත්වික රංගනය නිසාම බොහෝ රසික රසිකාවියන් ඇයට ප්‍රිය කරනවා. ඒ වගේම තමා ටෙලි නාට්‍ය තුලත් සිනමා නිර්මාණයන් තුළත් ඇය ඇගේ රංගන කුසලතාව මනාවට පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට ටෙලි නාට්‍ය හැටකට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා ලබාදී ඇති ඇය තිර පිටපත පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනු ලබනවා. ඇය පවසන ආකාරයෙන් ඕනෑම චරිතයක් සාර්ථක වීමට තිර පිටපතෙහි ගුණාත්මක බව ඉතාම වැදගත් වෙනවලු.

ඕෂධී හේවාමද්දුම මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය බිරිඳක් වන අතරම ව්‍යාපාරික කාන්තාවක් වෙනවා. රංගන ක්ෂේත්‍රයට අමතරව නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේත් ඇය සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම තමයි ඇය ජාත්‍යන්තර තලයේ රූ රැජනක් විදිහටත් අභිෂේක ලැබීමටත් වාසනාවන්ත වුණා. ඉතින් පසුගිය කාල වකවානුව තුළ දී දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී චරිතයක් විදිහට කටයුතු කරන ලද ඇය එම අවස්ථාවේදී බොහෝ දෙනාගේ වැඩි අවධානයකට නතු වුණා.

ඉතින් කොච්චර වයස වුණත් තරුණ පෙනුමක් හැමදාම ලැබීමත් පෙර කරන ලද පිනක්. ඉතින් ඕෂධී කියන්නෙත් එහෙම පින් කරපු තැනැත්තියක්. දරුවන් දෙදෙනෙකුගේ මවක් වුණත් තාමත් තරුණියක් වගේ සුන්දර පෙනුමක් ඇයට තිබෙනවා. ඉතින් ඒ නිසාම තවමත් ඇයට පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය සඳහා ඇරයුම් ලැබෙනවා ලු.

ඉතින් පසුගිය දිනක දී ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් උදා වුණා. ඒ තමයි ඇගේ සහ ඇගේ ආදරණීය ස්වාමියාගේ 15 වන විවාහ සංවත්සර දිනය. ඉතින් මේ ආදරණීය දිනය වෙනුවෙන් ඕෂධී ඇතුලු පවුලේ සියලු දෙනා හරි අපූරු පිංකමක් සූදානම් කරලා තිබුණා. ඒ තමයි කිරි අම්මාවරුන් සිය නිවසට වඩම්මවා දානයක් ලබාදීමට කටයුතු කිරීම. ඉතින් රසිකයන් විදිහට ඔවුන්ගේ මේ ආදරණීය දිනය වෙනුවෙන් සුභ පැතුම් එක් කරන අතරම හැමදාමත් මේ වගේ සතුටින් සිටීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.