Celebrity Gossip

එයා මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. කලා කටයුතුවලට නම් ඔහුගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ – වත්සලා දියලගොඩ

වත්සලා දියලගොඩ කියලා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මීට බොහෝ කලකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය තුළ ඇය රඟ දැක්වූ නිරාෂා කියන චරිතය තුළින් බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වූ ඇය මේ දවස් වල නම් අපට වැඩිය රූපවාහිනිය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇයගේ විවාහයත් සමගයි. ඇය විවාහ වන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන ප්‍රසංග ගුණසිංහ සමඟයි. මේ වන විට පුංචි දියණියකගේ මවක් වන ඇය ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය බිරිඳක් ද වනවා. බුවිනිකා දියලගොඩ නමින් නැගනයක් ද සිටින අතර ඇයත් කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනවා.

ඉතිං පසුගිය දිනකදී වත්සලා දියලගොඩ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වු අතර එහිදී ඇයගේ ජීවිතයේ රසිකයන් නොදත් බොහෝ දෑ පිළිබඳව බෙදා ගන්නට අමතක කළේ නැහැ. ඇය කියන විදියට ඇයගේ සැමියා වන ප්‍රසංගත් කලා ක්ෂේත්‍රයේම කෙනෙක්. නමුත් ඔහු ඇයගේ කලා කටයුතු වලට නම් සහයෝගයක් ලබා දෙන්නේ නැති බවත් ඔහු කැමති ඇය ඔහුගේ බිරිඳ විදිහට සහ දරුවාගේ මව කියන තැන ඉන්නවාටලු. නමුත් ඇයගේ ගෙදර දොරේ වැඩපළ වලට සහ බබාගේ වැඩවලට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බවත් ඇය පවසා සිටිනවා.

ඇය කියන විදිහට ඇයට ඔහුව හමු වන්නේ මල් ඔසරිය music වීඩියෝ එක හරහා. ඉතින් එදා ඇය ඔහුව දැක්කම ඔහු වෙනස් කෙනෙක් කියලා ඇයට හිතුනලු. ඔහුගේ එම අමුතු ගතියට ඇයගේ හිත ගිය බවත් ඉන්පසුව දුරකථන අංකය හුවමාරු කරගෙන කතා බහ කළ බවත් ඇය පවසා සිටිනවා. ඒ වගේම ඇය ඔහු පිළිබඳව මේ විදියට පවසනවා.

” එයා මට වඩා අවුරුදු 11ක් වැඩිමහල්. එයා ගොඩක් නිහඩ චරිතයක්. එයාගෙ නිහඬ බවට තමයි මං කැමැති වුණේ. හැබැයි සමහර වෙලාවට නම් හිතෙනව මෙයා නිතරම කතා කරන කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ඒත් ඉතින් එයාගේ ඒ නිහඬ ගතියට තමයි මං කැමැති වුණේ. මගේ කලා කටයුතු වලට නම් එයාගෙ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මොකද එයාට ඕනි මම එයාගේ වයිෆ් කියන තැන සිටින්න සහ මගේ දුවගේ අම්මා කියන තැන ඉන්න. නැතුව රංගන ශිල්පිනියක් කියන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. “

මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.