Celebrity Gossip

පෙන්නනවා නම් ගැහැනියකගෙ ඇඟක් දකින්න ඕනෑම පිරිමියෙක් කැමතියි වාසනා දන්තනාරායන

වාසනා දන්තනාරායන කියලා කියන්නේ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. ඇය දෙස් විදෙස් ආදරේට සහ ආකර්ශනයට පත් වූ සුන්දර කාන්තාවක්. ඉතින් ඇය පසුගිය දිනකදී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇයගේ නවතම තොරතුරු පිළිබඳව රසිකයා සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

ඇත්තටම මම විලාසිතා කරල ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඒක එදා වගේම අදටත් ඒ විදියටම තියෙනවා. මම මටම ආවේනික වූ රාමුවක් ඇතුලේ ඉඳගෙන තමයි විලාසිතා කරන්නෙ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ෆැෂන් කියන්නේ ඇඳුම් පැළඳුම් විතරක්ම නොවේ කියන එක. මොකද අපි කන බොන විදිහ, කොණ්ඩෙ සකස් කරන විදිහ, කතා කරන විදිහ, කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහ ආදී වූ මේ කියන හැමදේම ෆැෂන් එකක් විදිහට තමයි මම නම් දකින්නේ.

අපි විලාසිතාවක් ඇතුලේ අපිටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනගා ගන්න ඕනේ. මොකද අද බොහෝ දෙනෙක් විලාසිතා කරන්නේ ප්‍රසිද්ධ වෙන්න බලාගෙන. නමුත් මම දකින විදිහට ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. පෙන්වනවා නම් ගැහැනියෙකුගේ ඇඟක් දකින්න ඕනෑම පිරිමියෙක් කැමතියි මම දකින විදිහට නම්. ඇඟවල් පෙන්නලා විලාසිතා කරලා අනන්‍ය තාවයක් ගොඩනඟා ගැනීම ක්ෂේත්‍රය ක රැ​දී සිටින්න කරන තාවකාලික වැඩක් විදියටයි මම නම් දකින්නේ. ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්.

මට තරුණ වයසේ ඉන්න දුවෙක් ඉන්නවා. ඉතිං එයා නිතරම මට කියන්නෙ අම්මි ඔයා හරිම ලස්සනයි මගේ යාලුවෝ හැමෝම කියනවා ඔයාගේ අම්මා ගොඩක් ලස්සනයි කියලා. මට ඒ වචන ඇහෙද්දි හැමදාම ලස්සනට ඉන්න ආස හිතෙනවා. මට තරුණ වයසේ දුවක් ඉන්න නිසා ඒ විදියට ගැලපෙන්න තමයි ඇඳුම් විලාසිතා වුණත් කරන්නේ.

ඇත්තටම ජාත්‍යන්තරය නියෝජනය කරපු කෙනෙක් විදියට මම හොඳටම දන්න දෙයක් තමයි ලංකාවේ අයට ජාත්‍යන්තර මෝස්තර නිරූපන සංදර්ශනවලදී ඉහළ වටිනාකමක් ලැබෙනවා. මොකද විශේෂයෙන්ම අපේ රටට ආවේණික වූ සමේ පාටට රටට ආවේණික වු ඇඟේ හැඩයන්ට ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙක් කැමතියි. නමුත් අවාසනාවකට අද වෙන විට සුදු කියන පැහැය ලස්සනයි කියන මතය නිසාම හැමෝම විහින් තමන්ගේ සුන්දරත්වය නැති කරගෙන කියලයි මට නම් හිතෙන්නේ.

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලුම පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.