Celebrity Gossip

පිටපතේ තියෙන ඕනෑම චරිතයක් කැමරාවක් ඉදිරියේ කරන්න මං සූදානම් – වර්ෂා අමායා

වර්ෂා අමායා කියලා කියන්නෙ කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණුවරක්. මේ දවස් වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන වීදුරු මල් ටෙලි නාට්‍යය තුළින් අපට ඇය දැක බලාගන්නට පුළුවන්. ඒත් සමගම දෙරණ නාලිකාවේ විකාශය වූ ශක්ති ටෙලි නාට්‍යය තුළත් හිරු නාලිකාවේ විකාශය වූ දිවි තුරා ටෙලිනාට්‍ය තුළත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි සර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ඉංග්‍රීසි ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කරමින් ගොඩක් කෙනෙක් ගේ කතාබහට ලක්වන්නටත් ඇයට පුළුවන් වුණා. ඇය කියන විදියට ඇය මේ වන විට ඒකාංගික ටෙලි නාට්‍ය 60 කට අධික සංඛ්‍යාවක් රඟපාල තියෙනවා. ටෙලි නාට්‍ය තුළ පමණක් නොව සිනමා නිර්මාණයන් හරහාත් ඇයව අපට දැකබලා ගන්නට පුළුවන්. ඉතින් ඇය පසුගිය දිනකදී එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ රංගන දිවිය ගැන පැවසුවේ මේ වගේ දෙයක්.

” ඇත්තටම මං මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මේ වෙනකොට අවුරුදු 17ක් වගේ වෙනවා. ඒ අවුරුදු ගාන තුළ මම හිතපු විදියට චරිතෙ රංගනයන් තවම ලැබිලා නැහැ. මම තාම එකම තැන ඉන්නවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා කාලයක් මේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලත් හිටියා. ඉන්පසුව තමයි නැවතත් මේ වෙනුවෙන් එකතු වුණේ. රංගනයට අමතරව මම නිරූපණයත් කරනවා.

රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් උනාම ඕනෑම චරිතයක් රඟ දක්වන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙයින් මම කියන්නේ නැහැ සීමාව ඉක්මවා යන්න ඕන කියලා. නමුත් චරිතයට සාධාරණයක් කරන්න වෙනවා නම් පිටපතේ සඳහන් දෙයක් කරන්න ඕනෑ නම් තමන්ට දා ගත්ත වාරණයක් එක්ක බලපෑමක් නැත්නම් ඒ අවශ්‍ය චරිත රංගනයන් කරන්න හැකියාව තියෙන්නත් ඕනේ. පිටපතේ අන්තර්ගතයට සාධාරණයක් කරන්න ඕනෑම අභියෝගයක් මම භාර ගන්නවා. මේ ක්ෂේත්‍රයේ කැමරාවක් ඉදිරිපිට නරක දේවල් සිද්ධ වෙන්නේ නැ. අවශ්‍ය දෙය මෙහෙමයි කියල ප්‍රේක්ෂකයාට පෙන්වීම විතරයිනේ සිද්ධවෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මම ලංකාව තුළ ඕනෑම අභියෝගාත්මක චරිත රංගනයකට සූදානමින් ඉන්නවා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.