Celebrity Gossip

සීතලේ මං තනිවෙද්දි උඹ ඔතන සැතපෙද්දි තරහ හිතුනෙ නෑ නංගියෙ – වොල්ගා කල්පනී

වොල්ගා කල්පනී කිව්වම කව්ද නොදන්නෙ. පුංචි තිරය තම තාත්වික රංගන හැකියාවෙන් හැඩ කරන මේ කටකාර හැඩකාර රුවැත්තිය ව අපට මේ දවස් වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටූ කියන චරිතය ඔස්සේ දැක බලා ගන්නට පුලුවන් වෙනවා. රස්තියාදුකාර චරිතයක් වන එම චරිතය වොල්ගා කල්පනී ඉතාමත් ම තාත්වික විදිහට රඟපානු ලබනවා. ඉතින් වොල්ග ගැන කතා කරද්දි කතා නොකරම බැරි දෙයක් තමයි ඇයගේ විවාහය. ඇය විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමඟයි. ඉතාම උත්සවශ්‍රියෙන් ඔවුන්ගේ මංගල උත්සවය ගත් නමුත් එම විවාහය වැඩි කලක් පැවතුණේ නැහැ.

ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටලු හේතුවෙන් එම විවාහයෙන් වෙන්වීමට ඔවුන් තීරණය කරනවා. මේ වන විට හර්ෂණ බෙත්මගේ තවත් යුවතියක් සමග විවාහ දිවිය ගත කරන මුත් වොල්ගා කල්පනී තවමත් තනිකඩ දිවියක් තමයි ගත කරන්නෙ. ඉතින් ඇය නිරන්තරයෙන්ම සිය මුහුණු පොතේ නොයෙක් ආකාරයේ සටහන් පළ කරනු ලබනවා. ඒවා බොහෝ විට විරහව මුසු හැඟුම් බව කවුරුත් දන්නා කරුණක්. ඉතිං ඊයේ දිනයේදීත් එය එවැනිම සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා. ඒ මේ විදියට.

” නංගියේ උඹ හිතුවට, මං තරහා නෑ පොඩ්ඩක්වත්, මගෙන් උදුරගත්තා නෙවෙයි, මං උඹට දුන්නා සීතලේ මං තනිවෙද්දි, උඹ ඔතන ගුලිවෙද්දි, දැවටෙමින් සැතපෙද්දි, තරහා හිතුන් නෑ සත්තමයි

ක්‍රිෂ්ණා ආදරේ කරේ රාධාට, හැබැයි රැදුණේ රුක්මණී ළග, රාධා ක්‍රිෂ්ණා පුරාවුත විතරයි, නංගියේ උඹ ආදරේ උරුම, රුක්මණියයි “

මේ විදිහට තමයි ඇය පළ කරලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා