Celebrity Gossip

මං නිර්මාණ කරන්නේ හොඳට තෝරලා බේරගෙන මට feel වෙන ඒවා

කුඩා කල ස්වාධීන රූපවාහිනී ළමා නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වුණු ඇය. ගායන ලේඛන වෙදකම ආදී බොහෝ ශ්‍රේෂ්ඨ තුළින් ජනතාව අතරට එන සුන්දර නිහතමානී කලාකාරිනියක්. ඇය නමින් අභිෂේකා විමලවීර. සමාජ මාධ්‍ය තුළ කෙලින් කතා කරන්න අවංකව මිනිස්සුන්ට උදව් කරන්න දෙපාරක් හිතන්නෙ නැති ඇය. බොහෝ ප්‍රසිද්ධ චරිතයක්.

මෑතකදී ඇය නිර්මාණය කරපු අලුත්ම ගීතය හරහා ඇගේ දස්කම් මනාව ඔප්පු වෙලා තියෙනවා. යූටියුබ් හරහා එය රසිකයන් අතරට ගිහිල්ලා තියනවා.ඒ ගීතය ගැන ඇය කිව්වේ මෙන්න මේ වගේ අදහසක්

එකම නරක ප්‍රතිචාරයක් වත් ලැබුණෙ නැති ගීතයක් තමයි සබදිනි කියන්නේ. හැමදාම අලුත් නිර්මාණ කරපුහාම මම කියනවා මේකට තමයි වැඩිම ප්‍රතිචාර ලැබුණේ කියලා.ගීතයට තමයි මගේ මගෙ ජීවිතේ වැඩිම ප්‍රතිචාර ලැබුණු ගීතය මට හරිම සතුටුයි .

ඇය voice වේදිකාවේ ජයග්‍රාහිකාවක් විදිහට තේරුණු ප්‍රනිෂර් තෝරාගන්නවා මේ ගීතය සඳහා. ඇගෙන් ලැබිච්ච සහයෝගයත් එක්ක තමයි මේ ගීතය මෙච්චරම රසිකයන් අතරට ගියේ.සාමානයෙන් ඇය කරන හැම ගීතයක්ම ඉතාම ජනප්‍රිය වෙනවා. ඒකෙ රහස මොකක්ද කියලා ඇහුවම ඇය කිව්වේ මේ වගේ කතාවක් .

මං මොකක් හරි නිර්මාණයක් කරන්නේ මට දැනෙනවා නම් විතරයි මට දැනෙන් නැති නිර්මාණ මම කරන්නෑ ඒක තමයි රහස

කලාකාරිනියක් වුණාම හැමදේම බදාගෙන කරන්න ඕනේ නැහැ මට කරන්න පුළුවන් තමන්ට කරන්න බැරි දේවල් අවබෝධ කරගෙන කලාව තුළ ඉන්නවනම් අනිවාර්යෙන්ම සාර්ථක ගමනක් යන්න පුළුවන්.

අභිෂේක අමය නොවැම්බර් මාසය ඇගේ උපන් දිනය දවසේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්නත් සූදානම් වෙලා තියෙනවා. එහි සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා