Celebrity Gossip

මුල් ගීතයට වඩා මාකටින් කරල හදලා කියන ගීතය තමයි ජනප්‍රිය වෙන්නේ – ලෙලුම් රත්නායක

ලෙලුම් රත්නායක කියන්නේ වික්ටර් රත්නායක නම් යුගයේ අසහාය ගායන ශිල්පියාගේ ආදරණීය පුතණුවන්ය.සිය පියාගේ අඩි පාරේ යමින් ලෙලුම් රත්නායක ද සංගීත ක්ෂේත්‍රයේ විශාල මෙහෙවරක් සිදු කරනු ලබනවා.ඉතින් ඔහු පසුගියදා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී මේ දිනවල දී වැඩිපුර ජනප්‍රිය වී පවතින යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය පිළිබඳව ඔහු ගෙන් අදහස් විමසූ විට ඔහු දුන්නේ මෙවන් පිළිතුරක්.

“ජනප්‍රියත්වය කියන්නේ එක්තරා කලාවක්.හැබැයි ජනප්‍රිය හැමදේම මිනිස්සුන්ට හොඳත් නැහැ.ජනප්‍රිය කලාවත් සුභාවිත කලාවක් දෙකම සමබරව තියෙන්න ඕනි.මම දකින විදිහට අද සමාජය සුභාවිත කලාවට තියෙන සැලකීම ඉතාම අඩුයි.ඇත්තටම ලංකාවේ සංගීතය කියන ගෞරවනීය විෂය ධාරාව හරහා ලෝකයට යවන්න පුළුවන් දේවල් අපේ රටේ ගොඩක් තියෙනවා.ඇත්තටම ඒකට වාසනා ගුණය කියන දේත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.මගේ පියා හැමදාම විශ්වාස කළේ ඒක.

අද සමාජයේ මිනිස්සු ගොඩක් බලන්නේ trending 1.ගීතයක් මිනිස්සු අතරට යවන්න නම් අනිවාර්යෙන්ම මාර්කටින් එකක් අවශ්‍යයි.නමුත් කලාකරුවන්ට තමන්ගේම ගීත නිර්මාණයන් මාකට් කරන්න අමාරුයි ඒක වෙනම විෂය ධාරාවක් ඒකට වෙනමම පිරිසක් ඉන්නවා.දැන් වෙලා තියෙන්නේ මුල් ගීත නිර්මාණයට වඩා මාර්කටින් කරන අය සින්දු කියලා හම්බකරගෙන සාර්ථකත්වයට පත් වෙනවා.දැන් තියෙන වෙළඳ සමාජෙත් එක්ක ඒවට දොස් කියන්නත් අමාරුයි.හොඳ නිර්මාණ ඕන වුනු කාලෙක මිනිසුන්ට මිනිසුන්ට ඒව අහන්න අපි නිර්මාණය කරලා දෙනවා.අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ දැන් යන විදිහත් එක්ක.

ඇත්තටම ඔරිජිනල් ගීතයට වඩා එකේ cover එකක් කළාම තමයි ගොඩක් ගීත ජනප්‍රිය වෙන්නේ.අන්න ඒක තමයි මාකටින් කියන්නේ.යොහානිත් කළේ ඒ දේමයි.සතිශාන් ඒ ගීතය කරන්න ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්.ඒ ගීතය අන්තර්ජාලයෙ රූපවාහිනී නාලිකාවල රේඩියෝ චැනල්වල විකාශය වුණා.නමුත් එතකොට ගානක් තිබුනේ නැහැ.නමුත් යොහානි ඒ ගීතය නව හැඩයකින් ගායනා කළා.ඇත්තටම එයාගේ ගායන විලාශය සහ රූපය තමයි එයාව ජාත්‍යන්තර තලයකට අරගෙන ගියේ.මම යොහානිගෙ වැරැද්දක් දකින්නෙ නෑ.එයා හරියට ම වැඩ කළා.ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙන ගිය එකට මම එයාට හදවතින්ම සුබ පතනවා.නමුත් මම කියන්නේ ඒ ගීත වලට තියන සැලකිල්ල වගේම සැලකිල්ලක් සුභාවිත ගීතයටත් තියෙන්න ඕනි කියන එක.” කියලා තමයි අවසාන වශයෙන් ඔහු ප පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම කලා කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.