Celebrity Gossip

මෙහෙ අපි කරන රස්සාවට අපිට හොඳට ගෙවනවා – විද්‍යා මධුශංකනී

විද්‍යා මදුෂංකනී කියල කියන්නේ ලංකාව තුළ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයව අපට ටිකක් නුහුරුයි වගේ සිතෙන්නේ මෑත කාලීනව ඇය රංගනයෙන් දායක නොවූ නිසයි.නමුත් ඇය 1999 දී රංගන ක්ෂේත්‍රයට පිවිසෙන අතර මේ වන විට බොහෝ ටෙලි නාට්‍යය ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.මේ වන විට අවුරුදු 5ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින විද්‍යා සිය සැමියා සහ දරුවා සමඟ ඉතා සතුටෙන් පව්ල් ජීවිතය ගත කරනවා.ඉතින් අද අපි ඇයත් සමඟ කතා කරන්න හිතුවා.ඇගේ කතාවට ඇය මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම ලංකාවෙ ඉන්නවාට වඩා මෙහෙ ලොකු නිදහසක් සහ සැහැල්ලුවක් දැනෙනවා.මොකද ලංකාවෙ ඉන්නකොට මට දැනුනේ නිකං හිර වෙලා ඉන්නවා වගේ.මෙහෙ ඉන්නකොට මගේ සැමියා සහ දරුවා සමඟ මට කාලය ගත කරන්නට පුළුවන්.මගෙ මහත්තයා ඉස්සර නම් සූපවේදියෙක්.නමුත් දැන් වාහන විකුණුම් ව්‍යාපාරිකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.පුතාට අවුරුදු එකහමාරක් විතර වෙන්නේ.මම 2016 දි තමයි රංගනයෙන් ඉවත්වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ.

මම මෙහේ රැකියාව කරන්නේ කාය වර්ධන උපදේශිකාවක් විදිහට.මම ඒක තෝර ගන්න වැඩි වශයෙන්ම හේතු වුණේ මම මෙහෙට එද්දී මගේ බර කිලෝ අසූවයි.ඉතින් මම ජිම් ගිහිල්ලා මගේ ඇඟ නියමිත ප්‍රමාණයට හදාගත්තා.ඉතින් එතකොට මට හිතුන කාය වර්ධන අංශයෙන් යමක් කරන්න ඕන කියලා .ඒ නිසා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරුවා.මගේ මහත්තයා කවදාවත් මට ඒ සඳහා වාරණ නීති දැම්මෙ නෑ.නිතරම කියන්නේ මට කැමති දෙයක් කරන්න කියලා.

මෙහි ජීවිතේ ලංකාව වගේ නෙවෙයි.මහන්සි වෙලා වැඩ කලොත් ඕන තරම් සල්ලි හොයන්න පුලුවන්.තමන් කැමති වාහනය ගන්න පුළුවන්.මෙහෙ අපි කරන රස්සාවට අපිට හොඳට ගෙවෙනවා.ඒ නිසා වැඩ කටයුතු සතුටින් කරගෙන යන්න පුළුවන්.මම විලාසිතා වලට ගොඩක් කැමති කෙනෙක්.මගේ මහත්තයා වුනත් නිතරම මට කියන්නේ ලස්සනට ඇඳලා විලාසිතා කරලා ඉන්න කියලා.ලංකාවේ කොටට ඇඳගෙන ගියත් මොකක් හරි කතාවක් කියනවා.නමුත් මෙහෙ ඉන්න කොට මං කැමති ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන්.ඒ වගේම තමයි මම කරන රස්සාවත් එක්ක ඇඟ වැහෙන ඇඳුම් අඳින්න බෑ කොහොමත්.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.