Celebrity Gossip

මගෙ දුවගෙ තාත්තට කලින් විවාහයේ දරුවෝ 2ක් ඉන්නවා. මගේ තරුණ කාලේ අපතේ ගියා – උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ සුරූපී සුරූපී රංගන ශිල්පිනියක්. තාත්වික අභිනයන් ඔස්සේ හැඟුම් ප්‍රකාශ කරමින් අපූරුවට රඟපෑම් කටයුතු සිදු කරන ඇයට අදටත් බොහෝ දෙනෙක් අමතන්නේ පබා කියන නමින්. ඒ මීට වසර ගණනාවකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ පබා ටෙලි නාට්‍යයේ ඇය රඟ දැක් වූ පබා කියන ප්‍රධාන චරිතය නිසාවෙන්. ඒ වගේම ඇය බොහෝ සිනමා නිර්මාණ තුළටත් ටෙලි නිර්මාණ තුළටත් මියුසික් වීඩියෝස් තුළටත් සිය රංගන හැකියාව විදහා දක්වනවා.

ඒ වගේම තමයි ඇය කාලයක් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහටත් අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඒත් ඉතින් ඇය නම් කියන්නේ ඇය ජීවිතයේ ගත් මෝඩම තීරණය දේශපාලනයට අවතීර්ණ වීම කියලයි. ඉතින් මේ වන විට ඇය ආදරණීය දියණියකගේ මවක්. ඇගේ විවාහ ජීවිතයන් ඇයවත් නොසිතූ අයුරින් බිඳී ගියා. මේ වන විට දියණියත් සමඟ තනි වූ මවක් විදිහට කටයුතු කරන ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී තම ජීවිතය ගැන අදහස් දැක්වූයේ මේ විදිහට.

” ජිවිතේ දෙපාරක්ම වැරදුනා. දෙවැනි පාර මට වඩා වයසින් බාල කෙනෙක් බැන්දේ දැන් එයත් නෑ. උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාගේ ජීවිතය ඒකෙන් ම කඩාකප්පල් වුණා. ඉතුරු ටික තමයි මේ ඇදගෙන යන්නේ. මගේ තරුණ කාලේ අපතේ ගියා. හිතාගන්නවත් බැරි විදිහට අපතේ ගියා. හරියට යමක් කරන්න ලැබුණු නිර්මාණත් හොඳටම මදි. මගේ හැකියාව කාලයක් එක්කම නිස්කාරණේ ඉබාගාතේ ගියා. “

“මගේ දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්. එයාට ඒ පවුලෙ දරුවො 2නෙක් ඉන්නවා. මං ඒ දරුවො එක්ක ගොඩක් සමීප වුණා. ඒක ගොඩක් වැඩි වුණා. එතකොටත් ප්‍රශ්න එනවානෙ. හැබැයි අපිත් මිනිස්සු. දරුවෙක් එක්ක නැවත විවාහ වෙනවා කියන එක ඇත්තටම ලේසි කටයුත්තක් නෙවෙයි. මං හිතන්නේ අපිට පුළුවන් තරම් නොගැලපීම් ගැන අවංක වෙලා බුද්ධිමත්ව විවෘත තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.