Celebrity Gossip

සමහරක් වෙලාවට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ – උමාලි තිලකරත්න

උමාලි තිලකරත්න කියලා කියන්නේ කලා ලොව සිටින අති දක්ෂ කලා ශිල්පිනියක්. රංගනයෙන් ද ගායනයෙන් ද නර්තනයෙන් ද එක ලෙස දස්කම් පාන ඇය සැබවින්ම අපූරු යුවතියක්. ඇයගේ මුහුණේ ඉරියව්වල අභිනයන් හි ඇති තාත්වික බව නිසාම තමයි ඇය රංගනයෙන් දායක වන සියලුම ටෙලි නිර්මාණ සිනමා නිර්මාණ සහ වේදිකා නාට්‍ය නිර්මාණ රසික හදවත සියුම්ව ස්පර්ශ කරන්නේ. මෑතකදී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු ඇය රඟ දැක්වූ සකර්ම , මහපොළොව , පීතෘ වැනි සම්භාව්‍ය ගණයේ ටෙලි නාට්‍යයවල ඇගේ චරිතය හරහා එළි දක්වන ස්වාභාවික රංගනය නිසා ම බොහෝ රසික රසිකාවියන් එම ටෙලි නාට්‍ය ඉතාමත්ම ආසාවෙන් යුතුව නරඹනු ලැබුවා. ඒ වගේම තමයි ඇය රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණයන් නැරඹීමට රසික රසිකාවියන් මහත් සේ ප්‍රිය කරන බව නොරහසක්.

උමාලි තවමත් තනිකඩ ජීවිතයක් ගත කරනු ලබනවා. ඇය විවාහ වී සිටියේ අප කවුරුත් හඳුනන රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟයි. නමුත් ඔවුන් අතර ඇති වූ යම් යම් මත භේදාත්මක තත්ත්වයන් හේතුවෙන් එම විවාහයෙන් වෙන් වීමට ඔවුන් තීරණය කරනු ලබනවා. මේ වන විට සාරංග දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වී සිඟිති දියණියකගේ ආදරණීය පියෙක් වනවා.

ඉතින් පසුගිය දිනකදී ඇය සිය මනස සැහැල්ලු කරන ආකාරයේ එක්තරා නර්තන වැඩසටහනකට සහභාගි වී තිබෙනවා. ඉතින් එහිදී එම වැඩසටහන පිළිබඳව යම් හැඳින්වීමක් කිරීමට ඇය අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඇය කුඩා වීඩියෝ පටයක් සමග මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්.

‘ සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ. සමහරක් වෙලාවට නෙමෙයි මං හිතන්නෙ ‍යතාර්ථය ඒකයි.හැබයි , අපේ අභ්‍යන්තරයේ අපිට පුලුවන් නම්, සමාධිගත වෙන්න තැනක් හොයාගන්න , ලෞකික වශයෙන් ලෝකෝත්තර දේවල් වෙනයි.හැබැයි මේ අභ්‍යාස තුලින්, නර්තනය තුලින්, ඒ සැහැල්ලු ස්ථානයට, සනීපයි කියලා දැනෙන තැනට ලඟාවෙන්න, එතන රැඳෙන්න, අභ්‍යන්තරයෙන් එය විඳින්න මට මේ ශෛලිය තුලින්,එහෙමත් නැත්නම් Edgevin Vihanga Company Vihanga Rukshan සැලසුම් කරපු මේ වැඩසටහන හරහා මට අවස්ථාව ලැබුනා. ‘

ඒ විදියට තමයි ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන ආදරණීය කලා ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.