Celebrity Gossip

මගේ නම කිවුවහම සමහරු වැරදි වැටහීම් ඇතිකර ගන්නවා – උදයන්ති කුලතුංග

බොහෝ රසික රසිකාවියන්ගේ නිබඳ ආකර්ශනයට නතු වූ රූමත් කලා ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ.ඇය රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ පාහේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය සියල්ලක්ම රසික රසිකාවියන් ඉතාමත්ම ආදරෙන් වැළඳ ගත් ටෙලි නිර්මාණයන් වනවා.වේදිකා නාට්‍ය ඔස්සේ ද පුංචි තිරයේ ද සිනමාව තුළද අපට ඇයව නිරන්තරයෙන් ම දැක බලාගන්නට පුළුවන්.කාලයක් ඇයව නිර්මාණ තුළින් දැකගත නොහැකි වුවත් ඉන්පසු රංගනයෙන් දායක වූ නිර්මාණ සියල්ලටම ඇය සාධාරණයක් ඉටු කරමින් දක්ෂ ලෙස රසිකයින් ඇද බැද තබා ගැනීමට සමත් වුණා.අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි. ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ ජීවිතය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

මට ඇත්තටම මේ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ ලොකු සතුටක්.මොකද මේ තරම් දුරක් රංගනය ඔස්සේ මට එන්න පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.මම ව්‍යාපාර කටයුතු කළත් ඒවා එතරම් සාර්ථක වුණේ නෑ.ඉතින් මම හිතෙන විදිහට රංගන ක්ෂේත්‍රය තමයි මට ගැලපෙනම ක්ෂේත්‍රය.

මම සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක් හෝ සිනමා නිර්මාණයක් බාර ගන්න කොට එක්තරා තේරීමක් යටතේ තමයි බාර ගන්නේ.ඒ උනාට පසුගිය කාලය ඇතුළත මම ඒ වගේ තේරීමක් සිදු කළේ නැහැ.මොකද අපි එහෙම ටෙලි නිර්මාණ තෝරා බේරා ගැනීමක් සිදු කළොත් අපට මේ රංගන ක්ෂේත්‍රය තුළ පැවැත්මක් නැති වෙලා යනවා.ඇත්තම කිව්වොත් අපිට වෙන්නේ රඟපෑම නතර කරලා ගෙදරට වෙලා ඉන්න.ඒ වගේ තත්වයක් තමයි අද කලා ක්ෂේත්‍රය තුළට උදාවෙලා තියෙන්නේ.

ඉතින් ඒ හේතුව නිසාම මම මේ වන විට කිසිම චරිතයක් තෝරා බේරා ගැනීමක් සිදු කරන්නේ නැහැ.මට ලැබෙන ඕනෑම චරිතයක් මට හැකි උපරිම ආකාරයෙන් සිදු කිරීමට තමයි මම බලාපොරොත්තු වන්නේ.හැබැයි මම ඇත්තටම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න කැමැති නැහැ.මම දැන් මේ රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා දිගු කාලයක් වෙනවා.එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක තිබුණේ කොටස් හතලිස් පහක් පනහක් විතර.එහෙම කෙටි පරිච්ඡේද තියෙනකොට රසිකයා ඒකට ඇඳ බැඳ තබා ගන්න හරිම ලේසියි.ඒ වගේම තමයි ඒ ටෙලි නාට්‍යය කවදාවත් රසිකයාට එපා වෙන්නේ නෑ.මුළු නිර්මාණය තුළ ම පැහැදිලිව කතාවේ මුල මැද අග රසවත්ව නරඹන්න පුළුවන්.ඒ නිසාම තමයි මම මෙගා නාට්‍යවලට කැමැති නැත්තෙ.

මම ඇත්තටම විවාහ ජීවිතය ගැන ඒ තරම් දුර හිතපු කෙනෙක් නෙමෙයි.මට ඇත්තටම විවාහ ජීවිතයක් ගත කරන්න හිත දුන්නේ නෑ.නමුත් මගේ සැමියාව මගේ ජීවිතයට ලැබුණට පස්සේ මම හිතුවා ඒක තමයි මම ජීවිතේ ගත්තු හොඳම සහ නිවැරදිම තීරණය කියලා.එයා මට ගොඩක් ආදරෙයි.මාත් ඒ වගේම එයාට ගොඩක් ආදරෙයි.

මම දැකලා තියෙන දෙයක් තමයි උදයන්ති කුලතුංග කිව්වම ගොඩක් අයගේ හිත් තුළ විවිධාකාරයේ වැරදි වැටහීම් ඇති වෙනවා.නමුත් මම ඒ දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ.මොකද මට ඕනේ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්න සහ උදයන්ති කුලතුංග කියන රංගන ශිල්පිනිය කවුද කියන දේ රසිකයාට සමීප කරන්න.ඉතින් වැරදි වැටහීම් වලට බයේ කිසිදාක පැනලා යන්න මම උත්සාහ කරන්නෙ නෑ.මම හැමදාමත් අභියෝගයකින් තොරව මට ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්නවා.මම විවාහ වෙලා ඉන්නේ නීතීඥවරයෙක් සමග.ඉතින් ඔහුත් සමඟ ජීවිතයේ ඉතුරු කාලය සතුටින් ගෙවන්න තමයි මට ඕනේ කරලා තියෙන්නේ.

උදයන්ති කුලතුංග කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියල හදවතින්ම සුබ පතනවා.